(රොමේෂ් මධුෂංඛ)
යුද්ධය නිමා වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් වන්නි පළාත් ප්‍රධාන යුද සැමරුම අද (22) වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිටින් අද උදෑසන ආරම්භ වූ විජයග්‍රාහී අලංකාරවත් වූ ධජ පෙළපාළියක් යාපනය මහනුවර ඒ-9 මාර්ගය ඔස්සේ ගමන් කරමින් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමය දක්වා ගමන් කළේය.
ධජ පෙළපාළිය වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය , 21 සේනාංක මූලස්ථානය, 54 සේනාංක මූලස්ථානය, 56 සේනාංක මූලස්ථානය, 61 සේනාංක මූලස්ථානය, 62 සේනාංක මූලස්ථානය සහ ඉදිරි නඩත්තු පෙදෙස උතුරුමැද රාජකාරි කරන ලබන නිලධාරීහු සහ සෙසු නිලයින්හි පිරිස ද සහභාගී වූහ.
ඊට අමතරව යුද හමුදා සන්නද්ධ රථ පිරිස් හා යතුරුපැදි කණ්ඩායම් ද ඊට සහභාගී වූහ.
10 වන විජයග්‍රාහී යුද සැමරුම වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා, ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරෙන්ද්‍ර රණසිංහ, 563 බලසේනාධිපති කර්නල් ඉන්දු සමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද සෙසු නිලයින් 1000 කට අධික පිරිසක්ද සහභාගී වුහ.





රොමේෂ් මධුෂංඛ
යුද්ධය නිමා වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් මුලතිව් දිස්ත්‍රීක් යුද සැමරුමක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ උපදෙස් සංවිධානය කර තිබිණි.
මුලතිව් නගර මධ්‍යයේ මුල්ලියාවලෙයි මංසන්ධිය දක්වා විජයග්‍රාහි අලංකාරවත් වූ ධජ පෙළපාළියකින් යුද සැමරුම සංවිධානය කර තිබුණි.
ධජ පෙළපාළිය වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සියලුම සේනාංක හාබලසේනාවන් ආවරණය වන පරිදි යුද හමුදා නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ.
ඊට අමතරව යුද හමුදා සන්නද්ධ රථ හා යතුරුපැදි කණ්ඩායම් වලින් ද ආචාර පෙළපාළිය අලංකාරවත් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ ප්‍රණාමය ...ඉතාම හොදයි ....එතකොට සිංහ කොඩිය?
විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම නමැති පැරණි සටන් පාටයට මුවා වී ගෝඨා හැල්ලු කිරීම හැර අන් යමක් මෙහි ඇද්ද? වසර 2002 සිට 2006 දක්වා වසර 4 ක් පමණක් බුද්ධි සේවාවේ සිටි අයකුගේ හිතළු, පමණට වඩා උඩ දමමින්, තමාගේ ඉලක්කය වන ගෝටා හඹා යාමේ ඔබේ නිහීන ආසාව අපට තේරෙනවා නිලන්ත මානවසිංහ. " දින 52 ක් තිස්සේ විඳි සැප තවත් වසර කිහිපයක් විඳිම ඔහුගේ සිහිනය වේ". මේ මොන විහිළුද මානවසිංහ? අවරුදු 10ක් ජනාධිපති "සැප" විඳපු අයෙක්, අගමැති සැපක් පස්සේ පන්නන්නේ අහවල් දේකටද? කතාවක් හැදුවත් ඒක සංගත වෙන්න හදන්න මානවසිංහ.
විශිෂ්ටයි.. එ්ත්.. සිංහ කොඩිය නොපෙනේ...
ලංකාවාසී සියලු දෙනාගේ උත්තමාචාරය...