
(විමුක්ති එස් රුද්‍රිගු)
පලස්තීන සහ ඊශ්‍රායල වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණ මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විණ.
එහිදී ත්‍රස්තවාදී ක්‍රියා නතර කිරීමට මෙන්ම දෙරටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට මැදහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.එසේම දෙරටේ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීමද නතර කිරීමටද මැදහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔවුන් ඉල්ලීමක් කළේය.
පලස්තීනය සහ ඊශ්‍රායලය සඳහා දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ලෙසද විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන්නේය.එසේම ඉතා ඉක්මණින් මෙම ගැටලුවට මැදහත් වන ලෙස ජාත්‍යන්තර අධිකරණයෙන් විරෝධතාකරුවන් ඉල්ලීමක්ද කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ මානව හිමිකම හොයන්න කළින් ලංකාවේ මානව හිමිකම හොයලා ඉන්න...!
මේවා තමයි NGO ගුණ්ඩු කියන්නේ. ඊශ්‍රායල් අගමැති නෙතිනියාහු කියන විදිහට ගාසා තීරයේ හමාස් ත්‍රස්තයින් අතුගාදැමිය යුතුය. මහින්ද කිව්වා වගේ ත්‍රස්තයින්ට උන්ට තේරෙන බාශාවෙන් උත්තර දිය යුතුය. මේ බෝඩ් උස්සන් ඉන්න එවුන්ට ගෙවන්නේ කව්ද? අර හා මදුරුවා කොහෙන් පාත්වූ කෙනෙක්ද?
NGO සල්ලි වලට ඕනෑ පැත්තකට කහින රෑන. ලංකාවේ අහිංසක සිංහල ගම්මානවලට පැනලා කොටි ත්‍රස්තවාදීන් අමුඅමුවේ අහිංසක ජනතාව ඝාතනය කරනකොට, රට පුරා බෝම්බ පුපුරවනකොට මෙයාලාට සල්ලි හම්බ වුණේ නැද්ද දන්නේ නෑ. ත්‍රස්තවාදීන් කොහේ හිටියත් මේ මිහිමතින් ඉවත් විය යුතුයි.
ත්‍රස්තවාදීන්ට කහින තවත් පිරිසක්. මේන් කියලා අහයි ඊශ්‍රායලය. කව්රු කොහොම විරෝධය පල කළත් කනවා තව දවසෙන් දෙකෙන්. ලංකාව බහුතරයක්. ඊශ්‍රායලය සමගයි. ඊශ්‍රායලයට ජය වේවා! ඔවුන් අදහන ආගම අනුව දෙවියෝ ඔවුන් රකිනවා.
හමාලා ඉල්ලගෙන පලස්තීනයට කවපු එකට ඇයි මෙයාලා?
ත්‍රස්තවාදීන්ට කහින ගොඩේ ලීඩර් හම්බ දේශපාලකයෙක්. ඒ කැහිල්ල සිංහල බෞද්ධ අපිට අදාළ නැත. ඒත් අර හාමුදුරුවෝ එතැන මොකද කරන්නේ?