(බී.ජී. චතුරංග)
මහනුවර - යාපනය ඒ-9 මාර්ගයේ පුනෑව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙහෙයුමකදී ලක්ෂ 50කට අධික කේරල ගංජා සමග යුද හමුදා සෙබළකු සහ නාවික හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාබල හමුදාවේ, සාම්පූර් ප්‍රදේශයේ කඳවුරක සේවය කරමින් සිටි හමුදා සෙබළකු සහ යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සෙබළකු බවත් අත්අඩංගුවට ගත් අනිත් පුද්ගලයා පෙරුම් නුනන්කාවිල්, චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි,
යුද සහ නාවික හමුදා සෙබලා සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ තුන බැගින් සොයා ගත් බවත් අනිත් සැකකරු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ හතරක් සොයා ගත් බවත්, අත්අඩංගුවට ගත් එම කේරල ගංජා කිලෝ 10හි, වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 50 ඉක්මවන බවද පොලිසිය සඳහන් කළේය.
කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. මංගල සමන් කුමාර වික්‍රමනායක මහතාගේ උපදෙස් සහ මෙහෙයවීමෙන් පූනෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම් සිදු කලහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ පොලීසියේ හොරකම් හා මෙවැනි දේ කරන අය අතීතයේත් සිටියා.ඒත්,ඒ කාලයේ පැවැති බිහිසුණු වාතාවරණය නිසා ඒවා ගැන එතරම් සොයා බැලීමක් තිබුණේ නැහැ.හොඳ අවංක නිලධාරීන් එදත් සිටියා.අදත් සිටිනවා.ඒ අයට අපේ ප්‍රණාමය.ඒත්,මේ වැනි හමුදාව පොලීසිය විනාශ කරනා අයගෙන් හමුදාව හා පොලීසිය බේරාගත යුතුව ඇත.