
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලට ගොස් යතුරුපැදි සොරකම් කිරිමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයන් තිදෙනකු සොරා ගත් යතුරුපැදි 13 ක් ද සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව අගුණුකොලපැලැස්ස පොලීසිය පවසයි.
අගුණුකොලපැලැස්ස නගරයේ දී රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සැක කටයුතු යතුරුපැදිකරුවකු නවතා පරික්ෂා කිරිමේ දී ව්‍යාජ ලේඛන කිහිපයක් සොයා ගෙන ඇත.
ඒ අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරිමේදී මෙම යතුරුපැදි සොරකම් කිරිමේ ජාවාරම පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඊට සම්බන්ධ වු තවත් සැකකරුවන් දෙදෙනකු ද සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් විසින් සොරකම් කොට එන්ජින් අංක හා චැට් අංක වෙනස් කල යතුරුපැදි 13 ක් මේ වන විට පොලීසිය සොයා ගෙන ඇති අතර තවත් යතුරුපැදිය ගණනාවක් සොයා ගැනීමට නියමිතව තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd