
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
16 හැවිරිදි පාසල් මිතුරන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් මකුළුදූව ප්‍රදේශයේදී දුරකථන කණුවක ගැටී සිදු වූ අනතුරකින් එක් සිසුවකු මිය ගොස් අනෙක් සිසුවා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන වසරේ අධ්‍යාපනය ලබන පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසල දහම් නෙත් හෙට්ටිආරච්චි නමැති දරුවායි.
සිදු වූ අනතුරින් යතුරු පැදියේ ඉදිරිපස රෝදය සහ යතුරුපැදියේ තවත් කොටස් කිහිපයක් කැඩි වෙන් වී ඇතැයි පොලිසිය කියයි.
මියගිය සිසුවා පැදවූ යතුරුපැදිය කොටස් එකලස් කරන ලද එකක් බවත් එහි වේගය වැඩි කිරීම සඳහා වෙනත් යතුරු පැදියක එයාර් පිල්ටරයක් සවි කර තිබූ බව පොලිසිය කියයි.
මියගිය සිසුවාට රියදුරු බලපත්‍රයක් නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd