(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විකිණීමට නොහැකි ඉඩම් සහ නිවාස තම යාතිකා බලයෙන් විකුණාදිය හැකි බව පවසා පුද්ගලයන් රැසක් රවටා රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ සොරාගෙන මඟහැර සිටි කපුවකු කියාගන්නා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකරු එලෙස වංචා සහගතව ලබා ලබාගත් පවුම් හතළිහකට අධික රන් භාණ්ඩ පොලිසිය මගින් සොයාගෙන ඇත.

තම නිවස සහ ඉඩම විකිණීමට ඇති බවට සති අග පුවත්පත්වල දැන්වීම් පළ කරන කාන්තාවන් ඉලක්ක කර සැකකරු මෙම වංචාව දීර්ඝ කාලයක සිට සිදු කරගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.