(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැස්වීම් වේදිකාවට තමා ගොඩවන බව ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ තීරණය විවාදයේදීය.

රාමනාදන් මහතා මෙසේද පැවසීය.

දොළොස් වැනිදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවට මම ගොඩ වෙනවා. මේ අය උතුරේ ජනතාවට මුකුත්ම කළේ නෑ කියන්න තමයි මම යන්නේ.

රනිල් වික්‍රමසිංහගේ රැලියක් තිබ්බොත් එ්කටත් මම යනවා. සජිත් එන්න කිව්වොත් ඒකටත් යනවා.විපක්ෂයේ ඕන කෙනෙකුට එහෙම තමයි මම සලකන්නේ. නමුත් නාමල්ගේ පෞද්ගලික දේවල් වලට මම මැදිහත් වෙන්නේ නෑ.

නාමල් හිරේට දැම්මා කියලා අපේ දෙමළ මිනිස්සු චූන් වෙලා ඉන්නවා. හැබැයි එයා දින 14කින් එළියට එනවා. නඩුව ඉවර වෙනකොට ජනාධිපති වෙන කවුරුහරි. බොරුවට චූන් වෙලා දේශපාලනය කරන්න බැහැ.