
(අංජුල මහික වීරරත්න)
බලය පවතින විට යෞවන සමාජ පිළිබඳව හෝ තාරුණ්‍ය පිළිබඳව අවධානය යොමු නොකළ විපක්ෂයේ කණ්ඩායම් දැන් තාරුණ්‍යයේ බලය දැක බෙහෙවින් කලබලයට පත් වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
යූත් ක්ලබ් කොළඹ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙය පැවැත්විණි.
මින් පෙර යෞවන සමාජ ව්‍යාපාරය වල අවස්ථා හිමි වූයේ දේශපාලකයන්ගේ දරුවන්ට පමණක් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අද වන විට එය සමස්ත ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ තැන බවට පත් කිරීමට හැකි වී ඇති බව සඳහන් කළේය.
ඒ අනුව විවිධ හැකියාවන්ගෙන් යුත් මෙරට සාමාන්‍ය තරුණ තරුණියන් විශාල පිරිසක් යූත් ක්ලබ් සමඟ සම්බන්ධ වී අද වන විට වගකීම් ලබාගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන මහත්ම මහත්මීහුද මීට සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යූත් ක්ලබ් බලය දැක ඇතැමුන් කලබල වෙලා
ගුණරත්න Monday, 28 July 2025 08:36 AM
දේශපාලකයන්ගේ ඥාතීන්ට තනතුරු ලැබිලා කියලාම තමයි අපට අහන්න ලැබුනෙත්. ඇමති දැන් නොඑක් කතා කියුවාට පක්ෂයේ සාමාජිකයන්ට තනතුරු ලැබිලා කියලයි අපට දැනගන්න ලැබුනේ. මේ රට ටිකෙන් ටික චීන කොමියුනිස්ට් පක්ෂය වගේ වේගෙන් යනවා.
මාලාමාපෙන්දා Monday, 28 July 2025 09:36 AM
කවුද තරුණ සමාජ පටන් ගත්තේ? දැන් කටමැත දොඩනවා. මං වගේ මාලිමා පෙන්දෝ ටිකක් ඉතිරිවෙයි අන්තිමට. මෙලෝ රහක් නැති...
යෝගා Monday, 28 July 2025 10:18 AM
යූත් ක්ලබ් වල ආතල් ගන්න කොල්ලෝ කෙල්ලෝ හැමෝම මාලිමාවට ඡන්දෙ දෙයි කියලා මේ නූගතා හිතාගෙන ඉන්නේ...