IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යටිනුවර ප්‍රා.සභා මන්ත්‍රීවරුන් කලු පටි පැළද පා පැදිවලින් එති

(චමිල් රූපසිංහ)

තෙල් මිල අඩු කර ගොවියන්ට පොහොර ලබාදෙන ලෙස රජයට බල කරමින් යටිනුවර ප්‍රාදේශිය සභාවේ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්  කලු පටි පැළද විරෝධතා පුවරු රැගෙන පා ගමනින් හා පා පැදිවලින් අද (28) සභාවාරයට පැමිණියහ.

මෙම විරෝධතාවය සදහා යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සහභාගි වු අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් යතුරු පැදිවලින්  සභාවට පැමිණි අතර තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් මෝටර් රථයක නැගි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සභාවට පැමිණියහ.

සභාවට පැමිණි මන්ත්‍රීවරුන් හට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කිසිදු විරෝධතාවයක් නොදැක්වු අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙක් සිනා වෙමින් වතුර බෝතලයක් රැගෙන ඉන් ජලය ගෙන විරෝධතාවයේ යෙදුනු මන්ත්‍රින් කිහිප දෙනෙකුට ඉසනු ලැබිය.

ඉන් අනතුරුව යටිනුවර සභාවේ විපක්ෂ නායක වරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනතාව කොරෝනා අවදානමෙන් මිරිකි ඇති මොහොතක ඉන්ධන මිල වැඩි කර ගොවියන්ට වගා කටයුතු වලට අවශ්‍ය පොහොර ලබා නොදිමෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් වාහාම ඉන්ධන මිල අඩු කර ගොවියන්ට පොහොර ලබා දි ජනතාවගේ ගැටලුවලට රජය අවධනය යොමු කළ යුතු බව පැවැසිය.



අදහස් (0)

යටිනුවර ප්‍රා.සභා මන්ත්‍රීවරුන් කලු පටි පැළද පා පැදිවලින් එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site