(යොහාන් භාසුර)
දුම්රිය නීති උල්ලංඝණය කරමින් දුම්රිය තුළ යාචක වෘත්තියේ සහ වෙළෙදාමේ යෙදුණු පුද්ගලයන් 15ක් පසුගිය සති දෙක තුළ භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම පුද්ගලයන්ට යාචක වෘත්තියේ සහ වෙළෙදාමේ යෙදීම සඳහා දුම්රිය සීමාවට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය තහනමක් පැනවූ බවත් මෙම පුද්ගලයන් අවස්ථා දෙකකදී මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේදී භාරයට ගත් බවත් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
දුම්රිය ආරක්‍ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීහූ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාජ යාචකයින්ට මිනිස්සු රැවටෙන්නේ නැතිව සිටිය යුතුයි.. මේක මහා පරිමාණ ජාවාරමක්... මේ අය අල්ලලා පුනරුත්ථාපනයකට යොමු කළ යුතුයි. මිනිස්සුන්ට කරදර කරමින් අප්‍රසන්නතාවයක් ඇතිකරමින් මිනිස්සු සූරාකනවා සංවිධානාත්මකව...
දුම්රිය තුළ මෙන්ම කොටුව දුම්රිය ස්ථානය තුළද යාචකයින් හා වෙළෙන්ඳන් නිසා මගින් අසීරුතාවයට පත්වේ. යාචකයින්ට මුදල් නොදුන් විට බැනවැදීම් කරමින් යයි... දුම්රිය ආරක්ෂක අංශ තවදුරටත් ක්‍රියාත්මකවීම් අවශ්‍යයි. උදේ පාන්දර දුම්රියත් එකයි. අතර මැද හා සවස දුම්රියන්හි මගීන්ට කරදරවන ආකාරයෙන් යාචකයින්ගේ හැසිරීම හා ගමන් කිරිම සල්ලි නොදුන්විට බැණවැදිම් කරයි. සමහරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බව පෙනීයයි. පොලිසිය හා දුම්රිය ආරක්ෂක අංශ එක දිනක හෝ දෙකක් ලංකාව පුරා සියළු දුම්රියන් පරීක්ෂා කිරිම් තුළින් ඔවුන් අත්අඩංගුවට ගෙන සුළු දඩයකට නොව ලොකු දඩයක් නියම කළ යුතුයි. සිරදඬුවම් ලබාදීම තුළින් මර්දනය වෙනු ඇති..
කෝච්චියේ කිටි කිටියේ සෙනඟ පිරිලා. ඒ අතරින් වෙළෙන්ඳන් හා යාචකයින් රිංගා යනවා. පුදුම හිරිහැර වලට තමයි මගීන් මුහුණ දෙන්නේ.
යාචකයින්-වෙළඳුන් 15කට නොව සියල්ලන්ටම දුම්රිය සහ බස්රිය ගමන් කරනා අවස්ථාවන් හිදී වෙළඳාම් සහ යැදීම් තහනම් කළයුතුවේ.
හොඳ වැඩක්. යාචකයෝ සහ වෙළෙන්දෝ මගීන්ට වෙලාවකට පුදුම හිරිහැරයක්...