
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගෝලීය වෙළඳපොලේ ඉන්ධන මිල අඩු කිරීමේ සහනය ජනතාවට අනිවාර්යයෙන්ම ලබා දෙන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙසේද සඳහන් කළේය.
ඩීසල් සඳහා රුපියල් සීයක සහ පැට්රල් සඳහා රුපියල් 20ක සහනාධාරය ලබා දෙනවා. ඉන්ධන සහනාධාරය සමාන ලෙස ලබාදීමක් කරන්නේ නෑ. දැනට බිලියන පනස් හතක සීමාවක් සහනාධාරය සඳහා කැබිනට් මණ්ඩලය වෙන් කරලා තියෙනවා මෙම මුදල සම්පූර්ණයෙන්ම භාවිතා කරලා නැහැ.
මිල ගණන් වෙනස් කරනවා කියන එක දැන්ම කියන්න බෑ .ලෝක වෙළඳපොලේ මිල ගණන් අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. මාර්තු මාසේ ඉඳන් ඉන්ධන වල මිල වැඩිවීම සිදුවෙලා තියෙනවා. මැද පෙරදිග යුධමය තත්ත්වය ආරම්භ වූ වේලාව. යුද්ධය සඳහා තීරණය ගත්තේ කවුද කියලා අපි දන්නේ නෑ. ලෝක වෙළද පොළ මිල වැඩිවීම නිසා තමයි ලංකා වෙළඳපොළේ මිල වැඩි වුණේ. ගෝලීය වෙළඳපොළේ පහළ යන අවස්ථාවේ ඒ වාසිය ලබා දෙනවා. මිල අඩු කිරීම අනිවාර්යෙන්ම පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd