IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යුක්රේනය රුසියා හදවතට පහර දෙන්න සූදානම්

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාව සාම සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම සඳහා එරට හදවත බඳු මොසක්ව් නුවරට සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ස්ටෝර්ම් ෂැඩෝ දිගු දුර මිසයිල භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමට අවසර දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි බටහිර රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කළේය.

යුක්රේනයේ නිදහස් දින සැමැරුම පෙරේදා(24) පවත්වා ඇති බවත් එහිදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කතාවක් සිදුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවත් ගාඩියන් පුවත්පත පැවැසුවේය.

එහිදී යුක්රේනයට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා හැර වෙන විකල්පක් නොමැති බවත් යුක්රේනයේ ප්‍රතිප්‍රහාර කෙබඳුද යන්න සතුරාද දැනගත යුතු බවත් ජනාධිපතිවරයා පවසා ඇතැයි එම පුවත්පත ප්‍රකාශ කළේය.

ප්‍රංශය, ඉතාලිය සහ එක්සත් රාජධානිය භාවිත කරන ස්ටෝර්ම් ෂැඩෝ දිගු දුර මිසයිල භාවිත කරමින් මොසක්ව් නගරය ආසන්නයේ ඇති ඉලක්ක වලට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් යුක්රේනයට රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙන බව රුසියාවට ඒත්තු ගැන්වෙනු ඇති බවත් එමගින් සාම සාකච්ඡා මේසයට පැමිණීමට පීඩනයක් එල්ලවනු ඇති බවත් යුක්රේන බලධාරීන්ගේ අදහසවී තිබෙන බව එම පුවත්පත සඳහන් කළේය.

මොසක්ව් නුවරට සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ලැබුණහොත් යුක්රේනයෙන් රුසියාවට සැලකිය යුතු තර්ජනයක් තිබෙන බවට ඒත්තු ගැන්වෙනු ඇති බවත් එවිට යුක්රේනය සමඟ සාකච්ඡා මේසයට රුසියාව පැමිණෙනු ඇති බවට ජ්‍යෙෂ්ඨ යුක්රේන නිලධාරියකු කළ යෝජනාවක් මත යුක්රේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇති බවත් ගාඩියන් පුවත්පත වාර්තා කළේය.

මාස ගණනක සිට යුක්රේනය මොස්කව් නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට බටහිර රාජ්‍යයන්ගෙන් අවසර ගැනීමට උත්සාහ දරන බවත් එහි විශාල අවදානමක් තිබෙන බවත් එම පුවත්පත සඳහන් කළේය. එලෙස ප්‍රහාර එල්ල කිරීමට බටහිර රාජ්‍යයන් අවසරය ලබාදුනහොත් යුද්ධය තවත් දරුණු තත්වයකට හැරීමේ අවස්ථාවක් තිබෙන බවද ගාඩියන් පුවත්පත සඳහන් කළේය.

 



අදහස් (11)

යුක්රේනය රුසියා හදවතට පහර දෙන්න සූදානම්

pakeer Sunday, 25 August 2024 05:55 PM

අනේ සෙලන්ස්කි යන්න... බව් බව් ගාන්නේ නැතිව...! ඔය යුක්රේනයත් දෙන්න රුසියාවට...

:       38       164

Rohana Sunday, 25 August 2024 06:25 PM

යුද්ධය බිහිසුණුයි. යුද්ධයෙන් ජයගත් රටක් නැත. හොඳම දේ සාකච්ඡා කර ගැටළු නිරාකරණය කර ගැනීමයි...

:       5       133

janahithaMonday, 26 August 2024 11:04 AM

ඔබ හරි නමුත්... සිංහල ද්‍රවිඩ දෙපාර්ශවයේ සටනින් ජයගත්ත කෙනෙක් නැහැ. නමුත් එක පවුලක් ජයගත්තා.. සේසතම සුද්ද කරගත්තා.

:       5       5

රංබොඩ Sunday, 25 August 2024 06:29 PM

එක්සත් රුසියාව ලෙස හිටියා නම් කොයිතරම් හොඳද? බටහිර රටවල අවශ්‍යතාවය මත කෑලිවලට බෙදිලා දැන් තමන්ගේම ලොකු අයියා එක්ක මරා ගන්නවා...!

:       15       114

යෝගා Sunday, 25 August 2024 06:36 PM

රුසියාවේ හදවතට පහර දෙන්න ඉස්සෙල්ලා ඔයාගේ පස්ස පැත්තට සැරට වදියි ජෝකර්...!

:       22       92

jayantha Sunday, 25 August 2024 08:12 PM

නරේන්ද්‍ර මෝදි යුක්රේනයට ඇවිල්ලා මොනවාද කිව්වේ කළේ...?

:       0       5

ජගත් ලියනගේ Sunday, 25 August 2024 08:21 PM

සෙලෙන්ස්කි හොඳ කෑමක් කන්න යන්නේ... හිට්ලර්ගේ ගෝලයෙක් එයා...

:       13       71

Prabha Sunday, 25 August 2024 08:37 PM

ලෝකයටම එල්ලලා දෙයි වගේ...

:       3       60

EVANS Sunday, 25 August 2024 08:58 PM

ජෝකර් කෙනෙක් ඇවිල්ලා ලෝකයට වුණු දේ ලංකාවට වගේම...

:       1       7

Sanka Sunday, 25 August 2024 09:38 PM

මෝඩයෙක් රජ වුණාම රටවල් වලට වෙන දේ ගැන තවත් උදාහරණයක්..!

:       1       7

janahitha Monday, 26 August 2024 11:07 AM

සාකච්ඡා කෙසේ වෙතත් රුසියාව සතු පරමාණුක බලශක්තිය යොදාගත හැක... යුක්රේනය විනාශ වෙන්නත් පුළුවන්... ලෝක යුද්ධයක් ඇති වෙන්නත් පුළුවන්. කවුරු යුද්ධ කළත් දිනන්නේ මහින්ද මහත්තයා...

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site