(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ආධාර ලබාදීමට ප්‍රවේශය ලබා දෙන ලෙසත් යුද්ධය නවත්වන ලෙසත් ඉල්ලමින්, යුක්රේනය ප්රමුඛ මිත්‍ර රටවල් එක් වී, එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 11 වෙනි විශේෂ හදිසි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 135 කින් සම්මත විය.
එහිදී යුක්රේනයේ රුසියානු හමුදා සිදුකරන විශේෂ හමුදා මෙහෙයුම හේතුවෙන් සිවිල් වැසියන් අනතුරට පත්වීමත්, බොහෝ සිවිල් වැසියන් සරණාගත තත්ත්වයට පත් වීමත් හේතුවෙන් සාමාජික රටවල් විසින් විවේචන රුසියාව වෙත එල්ල කරනු ලැබුණි. මේ හේතුවෙන් සාමාජිකයන් 193 සිටින එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමේදී දෙවැනි වතාවටත් රුසියාව හුදකලා විය.
යුක්රේනය පිළිබඳ මෙම යෝජනාව මහ සභා හදිසි සැසිවාරයේදී යෝජනාවට පක්ෂව 140 ඡන්ද ලැබුණු අතර විපක්ෂව රුසියාව, උතුරු කොරියාව, එරිත්‍රියාව, බෙල්රුසය සහ සිරියාව ඡන්දය ලබා දුන්නේය. චීනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 38 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එහිදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත සුගීෂ්වර ගුණරත්න සැසිවාරය අමතමින් මෙසේ පැවැසුවේය.
"අප කණගාටුවෙනවා යුක්රේනයේ වත්මන් තත්ත්වය ගැන. මෙයට හේතු වූ කරුණු කාරණා පිළිබඳ අවධානයෙන් සිටියනම් මෙම ඛේදවාචකය වළක්වා ගන්න තිබුනා. අප දැනටමත් ශ්‍රී ලංකාවේ සිටින යුක්රේන ජාතිකයන් 3993 සහ රුසියානු ජාතිකයන් 11463 දෙනෙක් සදහා කිසිඳු ගාස්තුවක් අය නොකර මාස 2 වීසා කාලය දීර්ඝ කිරීමක් සිදු කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අප ඔවුන්ගේ සුභ සාධනයත් තහවුරු කරලා තියෙන්නේ. අප ඉල්ලනවා දෙපාර්ශවයෙන්ම සාකච්ඡා මේසෙට එන්න කියලා ඕනෑම ප්‍රශ්නයක් ප්රජාතන්ත්රවාදී බහු පාර්ශවික සාකච්ඡා මගින් විසඳා ගැනීමට හැකියාව තිබෙනවා. අපේ ජාතීන් අන්තර්ජාතික දේශපාලන චෙස් බෝර්ඩ් එකේ ඉත්තන් වෙන්න දෙන්න බෑ”
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුක්රේන යෝජනා එක්සත් ජාතීන්ගේ මහ සභාවේදී සම්මත වෙයි
ලුම්බිණි Saturday, 26 March 2022 06:54 AM
වැරදි දෙයට වැරදියි කියන්න මොකද බය?
duplicate Ralahami Saturday, 26 March 2022 04:10 PM
අපේ පාලකයන්ගේ දේශපාලන සෝබනේ විතරයි. අසාධාරණය, අයුක්තිය මොකක්ද කියලාවත් දන්නේ නැහැ...