
(විමුක්ති එස් රුද්‍රිගු)
බටහිර රාජ්‍යයන් යුක්රේනයට ලබාදුන් එෆ්-16 ප්‍රහාරක ජෙට් යානයක් විනාශවී එහි නියමුවා මිය යාම සම්බන්ධයෙන් යුක්රේන හමුදාව සැබෑ තොරතුරු වසන් කරන බවද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මරියානා බෙසූලා චෝදනා කළාය.
යුක්රේන හමුදාවෙන් එල්ල වූ පේට්‍රියට් මිසයිලයක් වැදී එම එෆ්-16 ප්‍රහාරක එෆ් 16 ප්‍රහාරක ජෙට් යානය කඩා වැටී ඇති බවත් යුක්රේන හමුදාව හමුදා කණ්ඩ අතර නිසි සන්නිවේදනයක් නොමැති වීම එයට හේතුව වී ඇති බවත් මරියානා බෙසූලා පැවැසුවාය.
යුද්ධයකදී මෙවැනි දේ සිදුවිය හැකි නමුත් එම සිදුවීම් වසන් කිරීම සඳහා අසත්‍ය ප්‍රකාශ රාශියක් පැවැසීම ඉවසිය නොහැකි බව ඇය ප්‍රකාශ කළාය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ පක්ෂය නියෝජනය කරන මරියානා බෙසූලා ටෙලිග්‍රෑම් පණිවුඩයක් තබමින් මෙම චෝදනා එල්ල කළේය. එෆ්-16 ප්‍රහාරක ජෙට් යානයක් විනාශ වූ බවට යුක්රේන හමුදාව නිවේදනයක් නිකුත් කළත් එයට හේතුව හෙළිකර නොතිබිණි. එම ප්‍රහාරක ජෙට් යානයේ ගුවන් නියමුවා වූ ඇලස්කි එම අනතුර හේතුවෙන් මරණයට පත්විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.