
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියාවට සහාය දක්වමින්, යුක්රේන හමුදා සමග සටනට ගොස්, යුද පිටියේ දී යුක්රේන හමුදා අත්අඩංගුවට පත් වුණු උතුරු කොරියානු සොල්ලාදුවන් දෙදෙනකු මුල්කොට ගනිමින්, යුක්රේනය සහ දකුණු කොරියාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත.
යුද පිටියේ දී අල්ලා ගත් එම උතුරු කොරියානු හමුදා සොල්දාදුවන් දෙදෙනා, යුද සිරකරුවන් රහසේ ලෙස තමන්ට බාර දෙන්නැයි උතුරු කොරියාවේ ප්‍රතිවාදියා වන දකුණු කොරියාව යුක්රේන රජයෙන් ඉල්ලීමක් කර ඇත.
යුක්රේන රජය ඊට කැමැත්ත දුන් අතර, එම උතුරු කොරියානු සොල්දාදුවන් දෙදෙනා දකුණු කොරියාවට යැවීමට යුක්රේන හමුදාව පියවර ගත්තේය.
රහසේ සිදුවුණු මෙම යුද සිරකරුවන් බාර දීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, එය දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංග් ප්රමුඛ රජයේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය.
දකුණු කොරියාවේ යුක්රේන තානාපතිවරයා කැඳවා මේ ගැන ප්‍රශ්න කර, අප්‍රසාදය පළ කිරීමට ද දකුණු කොරියානු රජය කටයුතු කළ බව පැවැසෙයි. ඊට අමතරව, මෙම සිද්ධිය මුල්කොට ගනිමින්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, දකුණු කොරියාවෙන් සමාව ඉල්ලිය යුතු බව ද දකුණු කොරියානු රජය තරයේ පවසා ඇත.
රුසියාව සහ උතුරු කොරියාව සමීප මිතුරන් මෙන්ම අසල්වැසියන් ද වෙයි. යුක්රේන රුසියන් යුද්ධයේ දී අවි ආයුධ පමණක් නොව, සොල්දාදුවන් ද රුසියාවට යැවීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කටයුතු කර ඇත. කිම් ජොන් උන්ගේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහනට සහාය දක්වන්නේ රුසියාවය. රුසියන් ජනාධිපති පුටින් සහ උතුරු කොරියානු නායකයා අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd