යුක්රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද(08) ඉරානයේ ටෙහෙරාන් නුවර දී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 180 දෙනාම මිය ගොස් තිබේ.
එම ගුවන් යානය බෝයිං 737 වර්ගයේ යානයක් බවත්, ටෙහෙරානයේ පිහිටි ඉමාම් කොමෙයිනි ගුවන් තොටුපළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.
යුක්රේනයේ කිවී නුවර පිහිටි බොරිස්පිල් ගුවන් තොටුපළ බලා ගමන් ගනිමින් තිබූ එම ගුවන්යානය ගුවන්ගතවී සුළු වේලාවකින් අනතුර සිදුව ඇත.
සිදු වූ අනතුරින් දිවි බේරාගත් කිසිවකු සිටීදැයි සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.
විනාශ වූ ගුවන් යානයේ සුන්බුන් එම ප්‍රදේශය පුරා විසිර ඇත.
ඉරානය, ඉරාකයේ පිහිටි ඇමෙරිකානු බළඇණි සිටින මධ්‍යස්ථාන දෙකක් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පමණ පසු මෙම අනතුර සිදු ව තිබේ.
(අල් ජසීරා ඇසුරිනි)
16844


(ඡායාරූප - ඩේලිමේල් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ ඕකට ඇමරිකන්කාරයන් තියලා නැත්තම් අර ඇමරිකන් කඳවුරුවලට ගහපු මිසයිලයක් ඕකට වදින්න ඇති..
ට්‍රම්ප් මේ ඔබේ වැඩක්ද?
ප්‍රහාර වැළැක්වෙන්න පුළුවන්... යූ.එන්.පී. කාරයින් කියන්නේ මේක මහින්දලාගේ ප්‍රහාරයක් අත්වැරැද්දක් වෙන්න පුළුවන්.. නැතිනම් පොහොට්ටුකාරයින් කියන්නේ මේක රනිල්, රවී, මංගල, අනුර කුමාර එකතුවක්..
අවසානය, අවාසනාවන්ත විදියට මිනිස් ජීවිත විනාශ වීම පමණයි...
සමහරවිට මෙය කාර්මික දෝෂයක් වෙන්න පුළුවන්. මොකද මේවා ගුවන්ගතවෙලා තියෙන්නේ පැයක් විතර ප්‍රමාද වෙලා...
සමහරවිට මේක රන්ජන්ගේ වැඩක් විය හැකියි.
ඔබ සැමට නිවන් සුව...
මේ අනතුරට පත් යානයත් 737 - 800. ඒ ටික කියන්නේ නැතුවයි හැමෝම කතා කරන්නේ. ග්‍රවුන්ඩ් කර තිබුන යානා නැවත පාවිච්චියට අරගෙන . පිටත්වෙලා පැයක් වගේ කාලයක් ඇතුලත කඩා වැටිලා තියෙන්නේ. මෙලෙස අවාසනාවන්ත අනතුරකට සසරේ කිසිම කලෙක මුහුණ දීමට සිදු නොවේවායි පතමු.!