
(නිමල් ජයරත්න)
දුම්රිය මාර්ගවල පීලි සවිකිරීමට යොදා ගන්නා යකඩ පට්ටම් සහ ඇණ ගැලවූ බව කියන පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමට දායක වූ පොළොන්නරු මහා මාර්ග යතුරු පැදි ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනාට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී අද සවස සිදු කෙරිණි.
හබරණ සිට මඩකලපුව දක්වා තිබෙන දුම්රිය මාර්ගයේ විවිධ ස්ථානයන්හි යකඩ සහ ඇණ සොරාගෙන ඇති බවට දුම්රියපොල නිලධාරීන් කළ පැමිණිලිට අනුව 21 වෙනිදා පොලොන්නරුව මහා මාර්ග යතුරුපැදි ඒකකයේ අදාළ පොලිස් නිලධාරීන් සිදු කළ විශේෂ පරීක්ෂාවකදී පට්ටම් 553 හා ඇණ තුන්සිය 323 පොලොන්නරුව කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය මගින් සොයා ගනු ලැබීය.
ඒ අනුව එම යකඩ පට්ටම් සහ ඇණ සොයාගෙන ඒමට මැදිහත් වූ පොලොන්නරුව මහාමාර්ග යතුරු යතුරුපැදි ඒකකයේ පොලිස් කොස්තාපල් 20796 එච්.එම්.ජේ.ටී සංජීව කුමාර සහ, පොලිස් කොස්තාපල්, 50881 ඩබ්ලිව්. බී. එම්. චන්ද්‍රසේන යන පොලිස් නිලධාරීන් දෙදෙනාට මෙසේ මුදල් ත්‍යාග පිරිනමන ලදී.
සැකකරුවන් මේ වසරේ පමණක් යකඩ පට්ටම් 7000 පමණ එරාවුර් සිට කොළඹට ප්‍රවාහනය කළ බවට අනාවරණය වී ඇති බව පොලොන්නරුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජාගොඩ මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රවල් වල නම් ඔහොම හොරු ඇල්ලුවට තෑගි දෙන්නෙ නෑ. මොකද ඒක පොලිසියේ රාජකාරිය සහ වගකීම නිසා. හැබැයි සාමාන්‍ය කෙනෙක් එය කලානම්, ඔහුට තෑගි දෙනව. ලංකාවෙ එහෙම උනත්, වෙන රටවල එහෙම වෙන්නෙ නෑ.
අම්මෝ.. තෑගි..? වෙලාවට කුඩු ජාවාරම් කරන, හොරකම් කරන දේශපාලුවෙක් ඇල්ලුවේ නැත්තේ. නැතිනම් තෑගි විදිහට ජනපතිකම වුණත් දෙන්න බැරි නෑ.