(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දින 56 ක් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සමගාමීව අනධ්‍යයන සේවකයන් පිරිසක් කොළඹ 7 පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූ.ජී.සී.) ඉදිරිපිට අද (6) සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

එම සත්‍යග්‍රහයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සේවක සංගමය එක්ව සිටීම කැපී පෙනුණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)