IMG-LOGO

යූ.එන් සමුළුවේදී චීනයේ සහය ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ඊයේ (12දා)  ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී  ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා, ශ්‍රී ලංකාවට එරෙහි බාහිර මැදිහත්වීම්වලට විරෝධය පල කළ අතර  කිසියම් රාජ්‍යයක අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමට මානව හිමිකම් මෙවලමක් ලෙස පාවිච්චි කිරීමෙන් වළකින්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටියේය.

ත්‍රස්තවාදයට එරෙහි වෙමින් සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණ ඉහළ නංවමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම  සහ  වැඩි  දියුණු කිරීම   සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය චීනය අගය කරන බව තානාපති චෙන් එහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ජාතික ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ආර්ථිකය  ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා උපරිම  සහාය ලබාදෙන බවත් තාවකාලික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ජනතාවට නායකත්වය දීමට ශ්‍රී ලංකා රජයට හැකි බව තමන් විශ්වාස කරන බව හෙතම වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේය.

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව දේශපාලනීකරණයේ ප්‍රතිඵලයක් බව චීන තානාපතිවරයා එහිදී  අවධාරණය  කළේය. එය අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා-නොගැනීම යන මූලධර්මවලට අනුකූල නොවන බවත් අදාළ යෝජනාව ශ්‍රී ලංකාව විසින් පිළිගෙන නොමැති අතර ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එම යෝජනා සාධනීය කාර්යභාරයක් ඉටු කර නොමැති බවත්  එහිදී ප්‍රකාශ කළේය.

කිසියම් රටක් ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ස්වයං අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට උත්සහ කරන්නේ නම් ඊට චීනය විරුද්ධ වන බව කී හෙතම ශ්‍රී ලංකාව සිය ජාතික තත්ත්වයන්ට අනුකූලව ස්වාධීනව තෝරාගෙන ඇති මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ මාවතට ගරු කරමින්  දේශපාලන බලපෑම් සහ අනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සඳහා මෙවලමක් ලෙස මානව හිමිකම් පාවිච්චි කිරීමේ පුරුද්ද අත්හරින ලෙස අදාළ පාර්ශවයන්ගෙන් හෙතම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



අදහස් (10)

යූ.එන් සමුළුවේදී චීනයේ සහය ශ්‍රී ලංකාවට

Perera Tuesday, 13 September 2022 10:33 AM

ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණය කරන්න තියෙන අයිතීන් ගැන නඩු විභාගවලින් තොරව සිර අඩස්සියේ තබා ගැනීම ගැන චීනෙ මොකුත් දන්නේ නැහැ නේ.

:       223       67

විජිත Tuesday, 13 September 2022 10:36 AM

මියන්මාරයේ හමුදා ජුන්ටාව රකින්නෙත් චීනය තමයි. ඒ තමන්ගේ මුහුද හරහා කරන වෙලදාම රැකගන්නයි. ඔය ඇමරිකාවයි චීනයයි දෙකම එකයි. කන්න ඕන උනහම කබරගොයි මාලුත් තලගොයි මාලුවලට හරවනව.

:       178       57

ලුම්බිණි Tuesday, 13 September 2022 10:42 AM

එක ජාතියේ කුරුල්ලෝ එකට වාහන එක පුදුමයක්ද?

:       118       47

Sisira Tuesday, 13 September 2022 01:02 PM

චීනය කියන්නේ මියගිය කාන්තාරයක්.. ඒ අය මානව හිමිකම් ගැන තකන්නේ නැහැ. චීනය විශ්වාස කරන්න එපා.

:       0       1

de silva Tuesday, 13 September 2022 01:27 PM

චීනේ ජනතාව ඒකාධිපතියන්ට හිස නමාගෙන හිටියට ලංකාවේ ජනතාව එහෙම කරන්නේ නැහැ. සිංහයෝ කවදාවත් තණකොළ කන්නේ නැහැ. අපි මානව හිමිකම් ගරු කරනවා.

:       113       44

fairoos Tuesday, 13 September 2022 02:53 PM

රනිල් රාජපක්ෂ, ලංකාවේ තවත් කෑල්ලක් චීනෙට දෙන්නයි යන්නේ..!

:       25       3

බද්රානි Tuesday, 13 September 2022 07:27 PM

ඇමරිකාවෙන් පිනට කාලා, චීනෙන් ණයට කාලා පිබිදෙන මෝඩ ජාතිය, ආවඩන්නේ ණයට දෙන චීනයටනේ... කොහොමත් චීන්නු, සත්තුන්ට ආදරෙයි.

:       37       2

amila Tuesday, 13 September 2022 08:28 PM

ඉස්සර නම් මානව හිමිකම් කොමිසම කිව්වාම පුදුම තරහක් ආවේ.. දැන් තමයි තේරෙන්නේ මේ මිනිස්සු හරි මානව හිමිකම් එකට විරුද්ධව අපේ දේශපාලකයෝ මිනිස්සුන්ව අවසානයේදී වැරැදි ප්‍රතිරූපයක් මවලා කියලා. මෙහෙම යනකන් කවදාවත් රටකට ගොඩඑන්න බැහැ.

:       28       5

Dhammika Tuesday, 13 September 2022 10:16 PM

පට්ට...!

:       26       2

Kumar (Gulf) Thursday, 15 September 2022 01:50 PM

ලොකු මාෆියාවක්, තවත් කුඩා මාෆියාවකට උදව් කරනවා ඇති..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 895 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 557 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 640 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 967 1

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1993 2

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 428 1

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1422 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1617 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site