
(අංජුල මහික වීරරත්න)
මේ වසරේ ඩෙංගු රෝගීන් 27754 ක් සහ මරණ 14ක් ද වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.
බස්නාහිර පළාතේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්ථා වන බව පෙන්වා දුන් ඇය එය සමස්ත රෝගීන්ගෙන් 50%ක් බව කීවාය.
මේවන විට දිස්ත්‍රික්ක 25න්ම රෝගීන් වාර්ථා වන අතර කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල,රත්නපුර, කලුතර සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් රෝගීන් සිටින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දුන්නාය.
මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමගම රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව සදහන් කළ ඇය මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඉවත්කර ගැනීමෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැකි බව කීවාය.
පසුගිය වර්ෂය හා සසදන විට මෙම වර්ෂයේ දී ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්, නිවෙස් වලට වඩා පාසල්,ආගමික ස්ථාන,වැඩ බිම් සහ රජයේ සහ පෞද්ගලික ආයතන වල වැඩි වශයෙන් මදුරුවන් බෝවීමේ වර්ධනයක් පෙන්නු කරන බවත් බවත් වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවැසුවාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd