(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ඉවත්වී සෙසු පක්ෂ සමඟ සම්බන්ධ වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු නැවත එම පක්ෂයට සම්බන්ධ වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම මෑතදී පවත්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණවලදී සහාය දැක්වීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ඔහු පරාජයට පත්වීමෙන් පසු දේශපාලන කටයුතුවලින් ඉවත්වූහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙසේ නැවත එක්වීමට සූදානම් වන පිරිස අතරේ ඒ අයද වෙති දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd