(අංජුල මහික වීරරත්න)

ජනාදරය තරම් කෙනෙකු සතුටු කරවන දෙයක් දේශපාලනයේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙම ෆේස්බුක් සටහන තබන්නේ අල්ලස් කොමිසමේ සාක්කි දීමෙන් අනතුරුවයි. මහින්ද රාජපක්ෂ මහතා එම ෆේස්බුක් සටහනින් මෙසේද පවසයි.

"තම මව්බිමට ද්‍රෝහී නොවීම තරම් සතුටක් මේ මහ පොළොවේ උපන් මිනිසෙකුට නොමැත. මම සිටින්නේ සතුටිනි. මේ මගේ ජනතාවයි. මහින්දගේ ජනතාවයි. ඔබ සැමට ස්තුතියි යනුවෙනි.