
(මනෝප්‍රිය ගුණසේකර)
සැකකටයුතු අන්දමින් මියගොස් ඇතැයි කියන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ නවීන ජංගම දුරකථනයේ අගුලු විවෘත කර විමර්ශන සඳහා පොලිසියට දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ‘ඇපල්’ ජංගම දුරකථන සමාගමේ ඇමරිකාවේ පිහිටි මව් සමාගමට නියම කළේය.
කපිල චන්ද්‍රසේන මහතාගේ නවීන ජංගම දුරකථනය විවෘත වන්නේ ඔහුගේ මුහුණේ දර්ශනයට වන හෙයින් අදාළ ජංගම දුරකථනයේ අගුලු විවෘත කර ගැනීම සඳහා ඔහුගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය කළ පංචපුද්ගල විශේඥ වෛද්‍ය මඩුල්ල ඉදිරියේ ඔවුන්ගේ අවසර සහිතව කපිල චන්ද්‍රසේන මහතාගේ මෘතදේහයේ මුහුණට ඇල්ලුවත් ජංගම දුරකථනයේ අගුල විවෘක නොවු බව පවසමින් කොළඹ අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමට අවසර දෙමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
කපිල චන්ද්‍රසේන මහතා අවසන් වරට රැඳී සිටි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේවිකාවගේ සහ රියදුරාගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා පොලිසියට දෙන ලෙස අදාළ ජංගම දුරකථන සමාගම් වල කළමණාකරුවන්ට නියම කළ මහෙස්ත්‍රාත්වරයා කපිල චන්ද්‍රසේන මහතාගේ ගෙළේ සහ නිවසේ නාන කාමරයේ දොරේ තිබු බව කියන පටියේ කොටස් දෙක එකම පටියක කොටස්ද යන්න පිළිබඳ වාර්තා කරන ලෙස රජයේ රස පරීක්‍ෂවරයාට වැඩිදුරටත් නියම කළේය.
කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සැකකටයුතු අන්දමින් මියගොස් සිටි බව කියන සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ලාල් මහතා සමඟ පෙනී සිටි එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අරුණ ක්‍රිෂාන්ත මහතා කරුණු දක්වමින් බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තමන්ට බාර වු බව දැනුම් දුන්නේය.
ඒ අනුව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ලාල් මහතා සැකකටයුතු අන්දමින් මියගොස් සිටි කපිල චන්ද්‍රසේන මහතාගේ මෘත දේහය ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා මහත්මිය සහ ආර්”එම්” සෝමදාස නමැති නිවසේ සේවකයකු විසින් ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ කළ පංචපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය හමුවේදී හඳුනාගත් බව දැනුම් දුන්නේය.
නිවසේ සේවිකාවක වන සුසීමා ප්‍රමිලා නමැති සේවිකාව විසින් කපිල චන්ද්‍රසේන මහතාගේ මෘත දේහයේ සහ නිවසේ නාන කාමරයේ තිබු පටියේ කොටස් පෙරදින රාත්‍රීයේ ගෙනැවිත් දුන් පටියේ කොටස් වශයෙන් හඳුනාගෙන ඇති බවත් දැනුම් දුන් උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ලාල් මහතා කපිල චන්ද්‍රසේන මහතාගේ මෘත දේහය සම්බන්ධයෙන් පංචපුද්ගල විශේඥ වෛද්‍ය මඩුල්ල පැවැත්වු ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.
මේ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් ඇමතූ මහෙස්ත්‍රාත්වරයා මරණකරු නැවතී සිටි නිවසේ ඖෂධ වර්ග රැසක් තිබුණා නේද?
පොලිසිය - ඔව්.
මහෙස්ත්‍රාත්වරයා - ඒ අතරනමක් සඳහන්ව නොමැති කොළ කැබලි වල ඔතන ලද ඖෂධ වර්ග දෙකක්ද තිබුණා නේද?
පොලිසිය - ඔව්.
මහෙස්ත්‍රාත්වරයා - මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී එම ඖෂධ වර්ග සොයා ගත්තා නේද? පොලිසිය - ඔව්.
මහෙස්ත්‍රාත්වරයා - මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී සොයා ගත් එම ඖෂධ වර්ග රජයේ රස පරීක්‍ෂවරයාට යැව්වාද?
පොලිසිය - ඉදිරියේදී එම ඖෂධ වර්ග රජයේ රස පරීක්‍ෂවරයාට යැවීමට කටයුතු කරනවා.
උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ලාල් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සොකෝ නිලධාරීන් විසින් අපරාධ ස්ථානයේ තිබී ගත් ඡායාරූප සහ වීඩීයෝ දර්ශන රජයේ රස පරීක්‍ෂවරයාට යැවීමට කටයුතු කරන බවත් පංචපුද්ගල විශේඥ වෛද්‍ය මඩුල්ල විසින් ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතාගේ මෘත දේහයෙන් ලබාගත් ඇඟිලි සළකුණු රජයේ ඇඟිලි සළකුණු පරීක්‍ෂන්‍රයාට යැවීමට කටයුතු කරන බවත් දැනුම් දුන්නේය.
මරණය සිදුවු ස්ථානයේ තිබී ‘ෆැන් ඒෂියා’ බැංකුවේ බැංකු කාඩ්පතක් සොයාගත් බවත් එම බැංකු කාඩ්පත සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් පොලිසිය දැනුම් දුන් අවස්ථාවේදී ප්‍රශ්ණයක් මතුකළ මහෙස්ත්‍රාත්වරයා මෙම බැංකු කාඩ්පත තිබුණේ කොහේද?
පොලිසිය - මරණකරුගේ ජංගම දුරකථන කවරය තුළ.
මහෙස්ත්‍රාත්වරයා- මරණකරුගේ පර්ස් එකක් තිබුණේ නැද්ද?
පොලිසිය - නැහැ.
අදාළ ස්ථානයේ තිබී කපිල චන්ද්‍රසේන මහතාගේ ‘අයි-16’ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය තමන් බාරයට ගත් බවත් එම ජංගම දුරකථයේ විමර්ශනයට අවශ්‍ය දේවල් ඇති බවට තමන් විශ්වාෂ කරන බවත් දැනුම් දුන් උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ලාල් මහතා කපිල චන්ද්‍රසේන මහතාගේ නවීන ජංගම දුරකථනය විවෘත වන්නේ ඔහුගේ මුහුණේ දර්ශනයට වන හෙයින් අදාළ ජංගම දුරකථනයේ අගුලු විවෘත කර ගැනීම සඳහා ඔහුගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය කළ පංචපුද්ගල විශේඥ වෛද්‍ය මඩුල්ල ඉදිරියේ ඔවුන්ගේ අවසර සහිතව කපිල චන්ද්‍රසේන මහතාගේ මෘතදේහයේ මුහුණට ඇල්ලුවත් ජංගම දුරකථනයේ අගුල විවෘක නොවු බවද දැනුම් දුන්නේය. මහෙස්ත්‍රාත්වරයා- අදාල ජංගම දුරකථනයේ අගුල විවෘත කිරීමට රජයේ රස පරීක්‍ෂවරයාට හැකියාවක් නැද්ද?
පොලිසිය - බැහැ.
මරණකරු ඇඳ සිටි ඇඳුම් සහ අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් නිලධාරීන් (සෝකෝ) විසින් සිද්ධිය වු ස්ථානයේ තිබී රුධිර සාම්පල සොයාගත් බවත් මරණකරුගේ ජාතික හැඳුණුම්පත් අංකය සහ ජංගම දුරකථනයට අදාළ තොරතුරු ගැනීම අවශ්‍ය වී ඇතැයි කී උප පොලිස් පරීක්‍ෂකවරයා දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව විමර්ශන කරන්නේ යැයිද කපිල චන්ද්‍රසේන මහතා ගෙළ වැලලාගෙන ගත් පටියේ කොටස් එකම පටියේ කොටස්ද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන කරන්නේ යැයිද කීය.
මහෙස්ත්‍රාත්වරයා- ගෙළ වැලලාගෙන ගත් දොරේ දාරයේ යම් ප`ථදු වීමක් තිබුණද?
පොලිසිය - නැහැ.
මහෙස්ත්‍රාත්වරයා- ස්ථානයේ ඡායාරූ ගත්තාද?
පොලිසිය - ඔව්.
ඉදිරිපත් වු සිය`ථ කරුණු සළකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ඉල්ලීම් වලට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙෂ පොලිසියට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd