(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි වලව්වේ වත්ත නැමැති ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභා සීමාවේ හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණ ලා කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි, ප්‍රමාණයෙන් අක්කර 01 රූඩ් 01 පර්වය් 19.40 යුක්ත ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥා පනතේ 6 (1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් එකී ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට නිර්දේශ කරනු ලැබ තිබේ. 

ඒ අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99 ක කාල සීමාවකට දිගුකාලීන බදු පදනම මත එකී ඉඩම සුදුසු ආයෝජකයකු වෙත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.