(සුජිත් හේවාජුලිගේ)

රටේ පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.

"දැන් පොලීසි ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. යම් ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා." යැයිද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (12) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.