ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දින (2026 සැප්තැම්බර් 05) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි හත් දෙනකුගෙන් යුත් පිරිසක්  මුදවාගත් බව නාවික හමුදාව පවසයි.  

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද මුර සංචාරයකදී මෙම පිරිස නිරීක්ෂණය කර, අතරමංව සිටි පිරිස ආරක්ෂිතව මුදවාගෙන ඇත.

එම පිරිස පීඩාවට පත්ව සිටින බවට නිරීක්ෂණය වීමෙන් පසු අවශ්‍ය පානීය ජලය, ආහාර සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදීමට නාවික හමුදාව කටයුතු කර ඇත,

මෙම පිරිස ඉන්දියාවේ අනෛයූර් සහ ඔක්කූර් යන සරණාගත කඳවුරු වල සිට රාමේෂ්වරම් ප්‍රදේශය හරහා පැමිණ ඇති බවටත්, මීට පෙර ඉන්දියාවේදී සරණාගතභාවය ඉල්ලා ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.

එක් පිරිමි පුද්ගලයෙකු , කාන්තාවන් සිව්දෙනෙකු  සහ අවුරුදු 02ත් 14ත් අතර වයස්වල පසුවන ළමුන් තිදෙනෙකු  එසේ බේරාගෙන ඇත.

ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත භාරදීමට නියමිතය