
(නදීෂානි බණ්ඩාර)
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී පොදුදේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව බන්ධනාගාරයේ කාන්තා ෙ රැඳවියන් 25 දෙනා 17 වැනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්රධාන මහෙස්ත්රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළාය.
මහෙස්ත්රාත්වරිය එසේ නියෝග කළේ සැකකරු අංක 61 සිට 81 දක්වා නම් කර ඇති සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා නඩුව කැඳවු අවස්ථාවේ දීය.
එම කාන්තා සැකකරුවන් 25 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහාද එදිනට ඉදිරිපත් කරන ලෙසද එහිදි මහෙස්ත්රාත්වරිය නියෝග කළාය.
එම කාන්තා සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ නඩු පවරන බවත් නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
ඒ අනුව මේ වන විට සැකකරුවන් 106 දෙනකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීන් සඳහන් කල අතර සැකකරුවන් 81 ක් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබේ.
සැකකරුවන් 30 දෙනෙකු ( සැකකරු අංක 31 සිට 60 දක්වා) හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා අද ඉදිරිපත් කළ අතර මීගමුව ප්රධාන මහේස්ත්රාත් ශීලනි පෙරේරා මහත්මිය හමුවේ මෙම හඳුනා ගැනීමේ පෙරටුවේදී සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූ බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරුවන් හඳුනාගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd