(තරංග ගුණරත්න)

මිදිගම, ගංගොඩගම , නිවසකට කිසියම් පිරිසක් විසින් වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි .

ඊයේ (18 ) දින රාත්‍රී  11:30 -12 :00  අතරතුර මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.

යතුරු පැදියකින් පැමිණි බව කියන පිරිසක් විසින් වෙඩි ප්‍රහාර කීපයක්  නිවසට එල්ල කොට අනතුරුව නිවසේ නවතා තිබූ මෝටර් රථයකටද  ගිනි තබා තිබේ.

එම අවස්ථාවේදී  නිවස හිමියන් වහාම ජලය උපයෝගී කර ගනිමින් මෝටර් රථයේ ගින්න නිවා දැමීමට කටයුතු කොට තිබේ එම ගින්නෙන් මෝටර් රථයට සුළු අලාබහානි සිදුවී තිබේ.

කෙසේ වෙතත්  වෙඩි තැබීමෙන්  නිවසේ කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර  දොර ජනෙල් සහ බිත්ති වලට හානි සිදුවී තිබේ.වෙඩි තැබීමට හේතුව හෝ කාගේ ක්‍රියාවක්ද පිළිබදව  මෙතෙක්  අනාවරණය නොවන බව පොලිසිය පවසයි .