(දයාරත්න ඇඹෝගම)

තඹුත්තේගම නල්ලච්චිය වැවේ වාරි ඇළක දිය නෑමට ගිය ගුරුවරයෙකු හා සිසුවෙකු දියේ ගිලිමෙන් මිය ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ ගම්මාන 10,බැදිවැව,තඹුත්තේගම  ප්‍රදේශයේ පදිංචිව සිටි  එල්.ඩබ්.ධනුෂ්ක උදයංග(29) නැමති  උපකාරක පංතියක ගුරැවරයෙකු සහ තිබිරියාකඩවල,අනුරාධපුර යන ලිපිනයේ පදිංචිව සිටි මුණසිංහ ආරච්චාගේ හේෂාන් දසුන්(19) නැමති පාසල් සිසුවෙකි.

මොවුන් දෙදනාම ඊයේ  (18) දින සවස උපකාර පන්ති අවසන් විමේන් පසුව නල්ලච්චය ඇලෙන් වාරි ජලය සපයන ඇළ මාර්ගයක දිය නෑමට ගොස් තිබෙන බව පොලිසිය පැවසිය.

එහිදී දියේ ගිලුණු දෙදෙනා ජල පහරට ගසා ගොස් මීටර තුන්සීයක් පමණ පහලින් දිය නාමින් සිටි පිරිසක් දැක ගුරැවරයා ගොඩ  ගෙන ඇති අතර පසුව පාසල් සිසුවාද ගොඩට රැගෙන විත්  පෞද්ගලික ලොරි රථයකින්   තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් ඇති බවත් පොලිසිය පැවසිය.