
(සුජිත් හේවාජුලිගේ)
හිංසනයට ලක් වූ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට එහි පරිපාලනය තවමත් සාධාරණය ඉටු නොකිරීම ඉතාම කණගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දෙති.
මෙම හිංසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම නිලධාරිනිය විවිධ වාචික හිංසන, අඩන්තේට්ටම් සහ වෙනස් කොට සැලකීමට ලක්කර ඇති බව සිය අවසන් වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර ඇත. මේ අනුව කමිටුව ප්‍රධාන නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරමින් ඇයට සාධාරණය යුක්තිය ඉටු කරන ලෙසටද පාර්ලිමේන්තු පරිපාලනයට දන්වා තිබිණ . මෙම වාර්තාව කතානායකවරයාට බාරදී මාස හයකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් එහි නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කර නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු මහාධිකරණ විනිසුරුවරයකු දුන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පසෙක තබා එහි ඇති කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරිනියක ලවා වාර්තාවක් කැඳවීම වෙනත් යටි අරමුණකින් කරන ලද කටයුත්තක් බව පවසන සේවකයෝ මෙවැනි දේවලින් සිදුවන්නේ නිලධාරිනියට සාධාරණය යුක්තිය ඉටුවීම පමාවීම බවද පෙන්වා දෙති.
රටේ සැමට එක නීතියක් ක්‍රියාත්මක කිරීමට පැමිණි රජයකින් තමන් බලාපොරොත්තු වන්නේ යුක්තිය සාධාරණය පමණක්ම බව ඔවුහු එම ලිපියෙන් පෙන්වා දෙති.
රටේ ප්‍රසිද්ධ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ගණනාවක් මේ කාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු පෙන්වාදී ඇතත් සාධාරණය ඉටුව නැති හෙයින් වහා මැදිහත්ව ඇයට යුක්තිය සාධාරණය ඉටු කර දෙන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
පාර්ලිමේන්තුවේ නිලධාරිනියට සිදුවූ හිංසනය සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද මුල සිටම නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව පවසන එම සේවකයෝ එය කාගේ හෝ බලපෑමකට සිදුවූ දෙයක් බවද සඳහන් කරති.
මෙම හිංසන සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහත්වරු පාර්ලිමේන්තුවේදීද පසුගිය දිනවල කරුණු ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd