
(අංජුල මහික වීරරත්න)
ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2026 වසරේ අප්‍රේල් මස වන විට ඇමරිකා ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එය පසුගිය වසරට සාපේක්ෂව 19% ක වර්ධනයක් වන අතර, 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 646කි. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ මුල් මාස හතරේ පමණක් ඇමරිකා ඩොලර් මිලියන 3,062.8 ක විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට හිමිව ඇතැයි කාර්යංශය කියයි.
ඒ අනුව 2026 මුල් මාස හතරේ විදේශ ගත වූ රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය 79,954 ක් වන අතර එයින් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සඳහා පිටත්ව ගිය පිරිස වේ. එම පිරිස 17,012 ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd