(නිමන්ති රණසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “පානදුරේ කුඩු සළිඳු’ යන දෙදෙනාව නිරීක්ෂණය කිරීම සදහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගියේය.
මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඉකුත් 15 වැනිදා මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් නියෝග මත දින 90ක කාලයත් තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඉකුත් 01 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන් කට කොහොම තියනවා දැයි කියලා බලන්න ගිහින් ඇති
මැඩගස්කරයෙන් අල්ලපු මේ ගස්තරයන් සහ නීතිය අතර තව තව ගස්තරයින් හිටගැනීමට ඉඩ ඇත..........