(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රටේ ශ්‍රම බලකායට ඵලදායී සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ "මෙහෙවර පියස” ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතින් අද (20) විවෘත කෙරිණි.
2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32 කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.
කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථානගත කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ද, මහල් 5කින් යුත් රථ ගාලක් මෙන්ම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ.
කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, යන මහත්වරුන් ද කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආන්දෝලනයකට පත්ව ඇති හිටපු ඇමතිගේ අවශ්‍යතාවයට කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ගත් ගොඩනැගිලි වාගේ තවත් ගොඩගැනිලි රජයේ ආයතන වෙනුවෙන් කුලියට ගෙන ඇති.ජනතා මුදල් බිලියන ගණනින් වැයකරන ගොඩනැගිලි කුලියට ගැනීමේ ක්‍රමය නවත්වන්න රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකලොත් නරකද.
රජය සතු නම් 99 අවුරුදු බද්දට දීලා කීයක් හරි හොයාගන්න පුළුවන්.
පියස ද ? පියසේ ද ? නම පැහැදිලි නැත.
උසම ගොඩනැගිල්ල වෙලා පලක් නැහැ , සේවාව හරියට කරන්නනේ නැත්නම්.
ලස්සන ගොඩනැගිල්ලක් ලැබුනත් එහි සේවයට සුන්දර අදහස් තිබෙන මිනිසුන් සිටින්නේ නම් එය කොතරම් සුන්දර ද ?? සිනහමුසු මුහුණෙන්, කාරුණික වචනවලින් තම සේවය ලබා ගැනීමට පැමිණෙන ඒ අහිංසක මිනිසුන්ට අපට සලකන්න පුළුවන් නම් එදාට , එදවසට අපගේ රට මොනතරම් ලස්සන වෙනවාද ?
2009 පටන් ගත්ත. 2016 විතර විවෘර්ත කරන්න ඕන එකක්
මේ තරම් විශාල ගොඩනැගිලි සදහා වැයවන විදුලි බිල පාලනය කිරීම සදහා සූර්ය බලශක්තිය යොදා ගැනීමට රජය ක්‍රියා කරයි නම් ඉතාම හොදයි . හැකි පමණ වායු සමීකරණ භාවිතය අඩු කර ස්වාභාවික වාතාශ්‍රය ලබා ගැනීමට කටයුතු කරන්න .