
(රෝෂන් තුෂාර)
සමාජ මාධ්‍ය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රජයේ නිලධාරීන්ට අසත්‍ය කරුණු එල්ල කරමින් චෝදනා නොකරන ලෙස තරයේ අවවාද කළේය. රුපියල් 25000ක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කෙරිණි.
නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා එම නිලධාරීන්ට අගෞරවය හා වෛරය ඇති කරවන ප්‍රකාශ නිකුත් කිරීම,යම් තැනැත්තෙකුට පාඩු අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඉතින් ඔය චෝදනාවලටම අවුරා ලන්කා සභාපති විරාජ් තාඹුගලව අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ.
භාවිතය කෙසේ වුවද සමාජ මාධ්‍ය ලොව පිලිගත් බහුමාධ්‍යයකි. පගා කාරයෝ, ජාවාරම්කාරයෝ, බෙහෙත් හොරු, කළුසල්ලි සුදු කරන මැෂිම්, අලි හොරු, සදාචාරත්මක ලෙස හෙළිකිරීමට පුද්ගලයකුට ඇති අයිතිය නීතිය මගින් නොවැනසිය යුතුවේ!