(සුජිත් හේවාජුලිගේ)

මහර බන්ධනාගාරයේ දේපළවලට  සිදුව අැති  හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට  කමිටුවක් පත් කර  අැත

පසුගිය සෙනසුරාදා පස්වරුවේ රැඳවියන් පිරිසක් අතර ඇතිවු නොසන්සුන්තාවය අතරතුර ඔවුන් බන්ධනාගාර මුලුතැන්ගෙය , ප්‍රධාන ජේලර් කාර්යාලය, පුනරුත්තාපන අංශය ඇතුළු බන්ධනාගාර දේපල රැසක් විනාශ කර ඇති බව  වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා  සදහන් කළේය

එම හානිය තක්සේරු කිරීම හා ඒවා යළි ප්‍රතිසංස්කරණයට කඩිනම් යෝජනා ඉදිරිපත් කිරීම මෙම කමිටුව හරහා සිදු කෙරෙනු ඇත

මේ අතර මහර බන්ධානගාර සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ද නිලධාරින් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්  මීට පෙර  පත් කෙරිණ