(ගයාන් සූරියආරච්චි සහ රෝෂන් තුෂාර)

එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට බදවාගත් සේවකයන් පෞද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට ආදාලව එසේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.