කවිතා සුබසිංහ
කොරෝනා වයිරසරය පැතිරීම හේතුවෙන් රටේ පවතින හදිසි තත්වය යටතේ ආරක්ෂාකාරි පියවරක් ලෙස බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවා තිබේ.
එම නිසා අපහසුතාවයට පත්ව සිටින රැඳවියන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කරන ලෙස මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව රුපියල් 50,000 අධික වටිනාකමකින් යුතු සනිපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර අධිකාරිවරයාට අද 28 ප්‍රදානය කෙරිණ.
ගුරුගේ දේපල පුද්ගලික සමාගමේ සභාපති සමාජ සේවක ධනවර්ධන ගුරුගේ මහතා විසින් මහර බන්ධනාගාරයේ රැදවියන්ගේ ප්‍රයෝජනය සදහා මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගය මහර බන්ධනාගාර අධිකාරි කාර්යාලයේදී ලබා දුන්නේය.
ධනවර්ධන ගුරුගේ මහතා විසින් මෙහිදි එම සනිපාරක්ෂක ද්‍රව්‍ය පාර්සල් සංකේතාත්මකව රැදවියන් වෙත ප්‍රදානය කිරිම ද සිදු කරන ලදි.
මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙනිය, ප්‍රධාන පුනරුත්ථාපන නිළධාරිණි කංචනා ලීලාරත්න මහත්මිය ඇතුළු පුනරුත්ථාපන අංශය විසින් මෙම කටයුතු සම්බණ්ධීකරණය කරන ලදි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
මහර බන්ධනාගාර රැඳවියන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගය කරයි
kamal Saturday, 28 March 2020 08:27 AM
බොහොම පින්, සජිත් හිටියනම් වැට් නැතුවම ගන්න තිබුනා