(රංජිත් කරුණාවීර)
මහියංගනය ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී පාලක එක්සත් ජාතික පක්ෂ සභාපති අපේක්ෂක හිටපු සභාපති කරූ වීරරත්න මහතා පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභාපති තරගයට ඉදිරිපත් වූ කේ.පී. ගුණවර්ධන මහතා නව සභාපති ලෙස තේරී පත්විය.
ඌව පළාත්පාලන කොමසාරිස් ජී.ඒ.එම්.එස්.පී.අඹන්වල මහත්මියගේ මූලිකත්වයෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
නව සභාපති තනතුරට එක්සත් ජාතික පක්ෂයේ වසන්ත නයනජීත් එජාපයේම හිටපු සභාපති කරූ වීරරත්නගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ.පී.ගුණවර්ධන යන තිදෙනාගේ නම් යෝජනා විය.
නව සභාපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ අතර හිටපු සභාපති කරූ වීරරත්න (එජාප) මහතාට පක්ෂව ඡන්ද හයක් ද, වසන්ත නයනජිත් (එජාප) මහතාට පක්ෂව ඡන්ද පහක් ද, කේ.පී.ගුණවර්ධන (ශ්‍රිලනිප) මහතාට පක්ෂව ඡන්ද අටක් ද ලැබී තිබුණි. ඡන්ද තුනක් ප්‍රතික්ෂේප විය.
අපෙක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් වූ අවස්ථාවක එක් අපෙක්ෂකයකුවත් සියයට 50ක ප්‍රතිශතක් ලබා නොගතහොත් අවම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් අපෙක්ෂකයා ඉවත් කර වැඩිම ඡන්ද ලබාගත් දෙදෙනා අතර නැවත ඡන්දයක් විමසීම සඳහා කොමසාරිස්වරියට ලැබී ඇති බලතල අනුව නැවත ඡන්දයකට විමසිමට තීරණය විය.
ඒ අනුව දෙවනවරටත් පැවැති ඡන්ද විමසීමේදී හිටපු සභාපති කරූ වීරරත්න මහතා ඡන්ද හතක් ද, කේ.පී. ගුණවර්ධන මහතා ඡන්ද 12ක් ද, ලබාගත් අතර ඡන්ද තුනක් ප්‍රතික්ෂේප විය. ඒ අනුව වැඩි ඡන්ද පහකින් මහියංගන ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කේ.පී.ගුණවර්ධන මහතා තේරි පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභා කියන සුදු අලියා විසින් කරන්නේ සාමාන්‍ය ජනයා මත තවත් බරක් පැටවීම පමණයි. ඔය ආයතන වල ඉන්න මිනිස්සු සේවය ලබාගන්න එන ජනතාවට කරන්නේම කෙනෙහිලිකම්. ලිපි ගොනු ගොඩ කරගෙන සාමාන්‍ය ජනතාවට දෙන වද අඩු කරන්න මේ ප්‍රාදේශීය සභාවල සේවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දියයුතුයි. ප්‍රාදේශීය සභා සභාපති කියන්නේ තාවකාලික පත්වීමක්. ඔහුට එහි සේවකයින්ගේ කාර්යක්ෂමතාව මැනීමට කිසිම දෙයක් කරන්නත් බැහැ, කරන්නෙත් නැහැ... ඒ නිසා ලිපිගොනු මාස ගණන් මේස වල වේලෙන අතර ජනතාව අපහසුතාවට පත් වේ.
මොනවා පෙරළුණත්, කවුරු ආවත් රට යන්නේ පස්සට... ණය විතරයි ඉස්සරහට යන්නේ ... ජයවේවා...!!!