(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහමැතිවරණයට පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් තරග කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇතැයි තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (6) පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස ඔහු දේශපාලන දහරාවේ සිටිය යුතුම බව පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.
පුංචිබොරැල්ලේ පිහිටි තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපකෂ මහතා විශිෂ්ඨ ලෙස ජයගත් ආකාරයෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් එන්නම ඕනේ ඔබ නැති රට ලුණු නැති හොද්ද වගේ...
බුකීකාරයෝ කැමති ඇති ඒකයි..
දවල්ද?
දැන් ඉතින් ඔය දුෂ්කර පළාත්වලට ගිහින් නහින්නේ මොකටද? ජාතික ලැයිස්තුව තියෙන්නේ.
එයාම වෙන්න ඇති ආරාධනා කරගන්න ඇත්තේ... නැතිව මේ රටේ වෙන කවුරුවත් නම් ඒ වගේ ආරාධනාවක් කරන්නේ නැහැ...
නැතිනම්.., මෙයා රටට කරලා තියන හැටියට තව පරම්පරා පහහයක්වත් නැති භංගස්ථාන කරන්න එපායැ. කොහෙන් ගියත් බුකියට තමයි වාසි...
රටට කොපමණ බණ දේශනා කළත් මේ අයගේ බල තණ්හාව නම් ඉවර වී නොමැත. මොහු පමණක් නොවෙයි. නොමැරෙන මිනිසුන් සේ කටයුතු කරන පිරිසක් සිටී. තමන්ට ලද නිදහස ගෞරවණීය ලෙස භුක්තිවිදීමට තරම් තමන්ගේ හෘදශාක්ෂිය තමාට එකග නැත.
මෛත්‍රී කළ හොඳ නරක සන්සන්දනය කරලා පොලොන්නරුවේ අය ඡන්දය දේවි. අපි බලා ඉඳිමු පොලොන්නරුවට නම් මෙතුමා ඇතිවෙන්න කලානේ...
3% කට්ටිය ඒ දවස් වල කිව්වේ සිරිසේනත් එක්ක සෙට් වෙලා රට ගොඩ දානවා කියලනේ.
රට විනාශය කරා ගෙන ගිය ප්‍රමාණය මදි නිසාද ?
ජනප්‍රියතාවය මැන බලන්න හොඳ අවස්ථාවක් අනිවාර්යයෙන් ඉල්ලන්න. එතකොට පෙනේවි මනාප කීයක් ලැබෙනවද කියලා?
කවුද ඉතින් නෝනයි, සිය පවුලේ අය වෙන්නැති අරාධනා කරන්නේ...
කාටවත් වැඩක් කරන්න නොදෙන, තමුන් පමණක් සුදනා බව පෙන්වන මනුස්සයෙක්... මිනිසුන් බලාපොරොත්තු සුණු විසුණු කරන්න බලය පාවිච්චි කළා.
පොළොන්නරුවෙන් මිසක් වෙන තැනකින් නම් රඟේ බලාගන්න තිබුණා. ආයේ එන්න ඡන්දේ දෙන්න එපා පරාද කරලා දාන්න. වැඩක් කරන්න පුළුවන් දක්ෂ අයව දිනවන්න....
එපා එපා. ජනවරමක් මා හට එපා එපා. දුක්වන්නට මා ගැන ආපසු මගේ කුටියට යනවා මා ආපසු යනවා. පක්ෂය කැඩුණා මොනවා කරන්නද? කාට කියන්නද? මගේ කොන්ද පණනැති කමට...
අනේ මේ කරපු හරිය මදැයි..! ආයේ නම් මොන පක්ෂයෙන්වත් එන්න එපා...
මෙයා නම් නැතුවම බෑ නේද?
විලි ලැජ්ජා තියෙනවා නම් එන එකක් නැතිවෙයි. එ්ත් රෙදි ඇන්දත් වැඩක් නැහැ. දේශපාලනේට තියා හේනක් කොටන්නවත් සුදුසු නැහැ.
මෛත්‍රී කරුණාකර ගෙදර ඉන්න.
මෙව්වා තේරුම් ගන්න බැරි රටේ බත් ගොට්ටෝ ඉන්නකම් මේ කවුරුත් රජ කරනවා තමයි හැමදාමත්...
ඔන්න දුන්න තව දිරච්ච ලණුවක්. මෑන් ඕක අනිවාර්යයෙන්ම ගිලිනවා. ඔලුව උදුම්මවාගෙන ඉන්න එයා හිතන් ඉන්නේ තවම මේ එයා රටේ හිටපු ජනප්‍රියම ලොක්කා කියලයි. ඒ නිසා එයා ඉදිරිපත් වෙයි. ඇපෙත් නැති උනාම මුළු රටම කිරිබත් කාවි.