( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් , රෝගීන් ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ,එබැවින් ලබන ජූනි 20 වැනිදා මහමැතිවරණයක් පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු හා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ නීතීඥ චරිත ගුණරත්න නැමැත්තෙකි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමින් ඉල්ලා ඇත.
නීතිඥ එම්.එල්.ෂහාබ්දීන් මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන්වේ.
පෙත්සම්කරු කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි.එමෙන්ම නීතීඥවරයෙකි.පෙත්සම්කරු කියා සිටින්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20'වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ අැත.
රටේ දැනට පවතින තත්ත්වය තුළ කොරෝනා රෝගීන් 600කට අධික පිරිසක් සොයා ගෙන තවත් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියා සිටී.එසේම සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිත රෝගීන් මේවන විට හමුවී ඇත.ඊට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් නිරෝධායන පරීක්ෂාව යටතේ පසුවන බව පෙත්සම්කරු කියා සිටී.
පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය.
COMMENTS
මැතිවරණය පැවැත්වීම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් කියන්නෙ කොහොමද? අනෙක මේ පෙත්සම ඉදිරිපත් කළ අය රටේ ඡන්ද දායකයින් අතුරින් එක් අයෙක් පමණයි. ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නම් ආරක්ෂිත ක්‍රමවේදයක් සකසා දෙන්න රජයට පුළුවන්.
මේ දිනවල සිලෝන් එකේ ක්‍රියාත්මක වෙන්නේ දකුණේ නීතිය..., එම නීතිය අනුව රණවිරු සහ දේශප්‍රේමී ලේබල් ගසාගත් පාර්ශව වලට ප්‍රමුකත්වය ලැබේ.
අළුත් පාර්ලිමේන්තුවක් අනවශ්‍ය නම් පරණ එක කොහොමවත් අවශ්‍ය නෑ.
කොරෝනා වලට හරියන එන්නතක් හොයාගන්න තව අවුරුදු 5ක් ගියොත්... මේ පාර්ලිමෙන්තුවම තියාගන්න වේවිද? ලෝකයේ අනිත් හැම රටක්ම කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක තමන්ගේ එදිනෙදා කටයුතු වෙනස් කරමින් පවතිනවා. චන්දෙ පරක්කු කරනවා චෝදනා කට්ටියම දැන් චන්දෙ පරක්කු කරන්න කියල කියන එක විහිළුවක්. කොහොම වෙතත් සජබ, UNP ලොක්කන්ගේ කඩේ යන යුරෝපය, ඇමෙරිකාව දිහා බලලවත් හැදුනොත් හොඳයි.
පසුගිය රජය පලාත් සභා මැතිවරණය පවත්වන්නේ නැතිව හිටිය එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගද? ඒ මගින් ඡන්දදායකයන් ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුනේ නැද්ද? ඔය කියන පුද්ගලයා ඒ දවස් වල හිටියේ කොමා තත්වයෙන්ද?
දේශපාලනයකින් තොරව මේ ප්‍රශ්නය දෙස බැලුවොත් මේවැනි අවස්ථාවක චන්දයක් තැබීම සුදුසු නැහැ.
මහ මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසමේ සභාපති විසින් තිරණය කරනු ඇත....
කෝවිඩ් අවසන් වනතුරු ඉඳලා මැතිවරණ තියන්න නම් තව අවුරුදු 5ක්වත් යයි. එතකන් බකංනිලා ඉන්නවද? යෝජනා කරලා තියෙන්නේ අද තියන්න නොවෙයි. තව මාස 2කින් තියන්න. ඒ වෙනකොට තත්ත්වය 95%වත් සමනය වුනොත් මැතිවරණය තියන්න පුලුවන්. නැතිනම් කොමසාරිස්තුමා ආපසු කල්දාවි. ඒක සෞඛ්‍ය බලධාරින් තීරණය කරාවි. මෙයාලට එදා ඉඳන් මැතිවරණ භීතිකාවක් තියෙනවා. එයාල හොඳාකාරවම දන්නවා එයාලට අත්වෙන්න යන ඉරණම. එ්නිසා මේක කල්දාලා තව හැකි පමණ ඉන්න අදහස. බල ලෝභය කියන්නේ ඔන්න ඕකටයි.
කොරෝනා තර්ජනය තිබෙන තුරු මැතිවරන පැවැත්වීම අනාරක්ෂිතයි. සෞඛ්‍ය අංශ වලින් පැහැදිලි උපදෙස් ලැබෙන තුරු බලාසිටින්න වෙනවා.
ඡන්ද උණ ගහපු රජයක් ඉන්න එකේ මේක ඉතා හොද දෙයක්.
ඇහැ ඇරලා බැලුවොතින් , මින්ස්සුන්ගේ මොලේ පෑදෙන්න ඕන . මෙවෙලාවේ වෙන්නේ මොකද්ද්ද කියල තේරුම් යන්න ඕන කට්ටියක් මැතිවරණය තියන්න හදනවා වසර ගණනක්ම මැතිවරණ කල්දමපු තවත් අනාතයෝ කට්ටියක් මැතිවරණයට බය වෙලා ඒක වලක් වන්න හදනවා.
කතාවක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක දවස් 14ක් විතරයි කියල. ඉතින් මැතිවරණ කල් යන්න යන්න සති දෙකෙන් දෙක රටේ එක එක හෙන්චයියෝ කල්ලි වලට රු. 5000 ගණනේ බෙදා දෙන එක අපරාදෙනේ. ඔන්න ඔහේ චන්දෙ ඉවර කළාම ඉතිරිවෙන සල්ලි ටිකත් දිනන අය බෙදා ගෙන ඉවරයක් වෙලා රට දියුණු වේවිනේ.
අපේ රජයකට 3/2 බලය ලබාගැනීමෙන් පමනය් කොරෝන වෛරසය ලංකාවෙන් නැති කළ හැක්කේ. අපි යම් තරම් වෛරසය රට තුල පාලනය කරගෙන යනවිට දැන් විපක්ෂයේ අය කුමන්ත්‍රණකාරීව වෛරසය රට තුළ පතුරනවා මැතිවරණය නොපැවැත්වීම සඳහා. රටේ සුබසිද්ධියට නම් මැතිවරණය පවත්වා අපිව බලයට පත් කළ යුතුය.එය බුද්ධිමත් රට වැසියෝ හොඳින් අවබෝධ කරගෙන ඇත.