(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ප්‍රතිඵලයක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවද හෙතෙම සඳහන් කළේය.
වාහන සහ මහජනතාව අනවශ්‍ය පරිදි විශාල වශයෙන් මාර්ගවල ගමන් කරන බවත් බොහෝ පිරිස් අත්‍යවශ්‍ය සේවාද අවභාවිතා කරන තත්වයක් පෙනෙන්නට ඇති බවත් සභාපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසික පඩි ගන්න මහත්මයෙක්..
ඔබ 100%නිවැරදි ය. රජයේ තීරණය මෝඩ හෝ විහිළු කරන්නන් මෙන් පෙනේ.
රජයේ සේවකයෝ හැමදාම කියන්නේ රට වහන්න කියලා .ඔවුන්ට වෙලාවට පඩි ගෙවන හින්දා .මතක තියාගන්න තව කෝටි 2ක් ඉන්නවා කිසිම සරණක් නැතිව .කොරෝනා බොරුව ප්‍රවර්ධනය කරන්නේ කණ්ඩායම් 2 ක් .1.රජයේ සේවකයෝ 2.බටහිර බෙහෙත් ජාවාරම් කාරයෝ සහ ඔවුන්ගෙන් යැපෙන්නන් .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර ජාවාරමක් .
මොනවා කරන්නද? හවසට ඉර බැහැලා ගියත් පසුදා ආපහු ඉර පායනවනේ... කොහොම ඇඳිරි නීතියක් දාන්නද මහත්තයෝ... ?
ඕක තේරෙන්නේ නැත්තේ අර ශවේන්ද්‍ර සහ ගෝඨාභය කියන දෙන්නට විතරයි.
දැන් වාහනවල ගියා කියලා කොරෝනා බෝ වෙනවද? කඩවල් වහලා බහුතරයක් කාර්යාලීය වැඩ කරන්නේ... ශිෆ්ට් ක්‍රමයට... තවත් මොනවද කියන්නේ? කොරෝනා හැදුණාම පී.එච්.අයි. ලාට කෝල් කළාම එන්නේ නැහැ නිකන්වත්.. මේ මහත්තයෝ රට තවත් කන්න හදන්න එපා.
මෙච්චර කාලෙකට PHIලා ඔය කොරෝනා නිසා වැඩක් කළාමයි. කෑගහන්නේ නැතිව වැඩක් කරන්න. ඔයාලා ගැන අහන්න ඕනෑ කඩවල්, ආපන ශාලා වලින් කරන වැඩ ගැන.
PHI මහත්වරුන්ගේ ප්‍රධාන වගකීමක් වන්නේ මහජනතාව දැනුවත් කිරිමෙන් වසංගත තත්වය පාලනය කිරීමට දායකත්වය ලබාදීම. උපුල් රෝහණ ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වීමේ තදබල අාශාවකින් ප්රවෘත්ති සාකච්ඡා පවත්නා බවයි පෙනෙන්නේ! කරුණාකරලා දේශපාලන නැතුව තමන්ගේ වෘත්තිය කරන්න. තවත් රත්නප්‍රිය කෙනෙක් වේලා කාර් පර්මිට් අරගේන වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනීසිට රටේ අනාගතය විනාශ කරන්න එපා..!
ඔව් එය සත්‍යයකි, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳ සැල් වල වැඩ කරන සේවකයින්ගේ අවදානම පවා මිනිසුන්ට ඇති අවදානම නොදන්නේ ය.
PHI මහත්වරැන්ගේ කාර්ය හොදින්ම තෙරුම් ගන්න පුළුවන් හොටල් ටික බැලුවම, මිනිස්සු කන්නේ වහ! PHI ජොබ් කරා නම් ලංකාවේ මිනිසුන්ට කැන්සර් හැදෙන්නේ නැහැ!
මේ ටික මහාචාර්යවරුන් වගේ උපදෙස් දෙනවා. නාලිකා ඉදිරියට ඇවිත් බෙහෙතකට වත් එකෙක් සොයාගන්න බැහැ...
පළවෙනි රැල්ල පාලනය කරන කොට මෙතුමා දෙයියෙක්... දැන් ඇත්ත කතා කරනකොට මාස පඩි කාරයෙක්... බයියන් ඉන්නකම් රට හදන්න බැහැ..