(ප්‍රියන්ත ජයලත්)

කන් ඇහෙන්නෙ නැති ඇස් පේන්නෙ නැති ගඳ සුවඳ දැනෙන්නෙ නැති අඳුරු යුගයකට රට ඇද වැටි ඇතැයි හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

ගඳ සුවඳ දැනෙන ඇස් පේන කන් ඇහෙන අය එකතුවෙලා පාර්ලි‌‌මේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත් කර නව ගමනකට මුල පුරන්න ඕන. එහෙම නැතුව මේ ආණ්ඩුවට මේ විදියට පන ඇද ඇද රට විනාශ කරන්න දෙන්න බැහැ .

පාලකයන්ට අයිතියක් නැහැ තමන් බාර ගත්ත රට මෙහෙම අසරණ කරන්න .පාලකයන් කියන්නෙ බාර කාරයන්. බාර කාරයන් තමන් බාරගත්තට වඩා හොඳ තත්වෙන් තියල තමයි රට බාර දෙන්න ඕන.මේක මම ඇති කරපු දෙයක් නෙවෙයි කියල කාටවත් මඟ අරින්න බැහැ. එහෙම කියන එකම තමයි බයානක කම .

තවදුරටත් මේ රටේ මිනිස්සු මේක ඉවසා දරාගෙන සිටිය යුතු නැහැ . මේ ආණ්ඩුවේ ඉන්න හැම මැති ඇමතියකුටම රටේ මිනිස්සු කියන්න ඕන එළියට බැහැල රට ගොඩගන්න පුරෝගාමිත්වය ගන්න කියල

ඒ මහතා එසේ පැවසුවේ පක්‍ෂ 11 ක් එක්ව '' මුළු රටම හරි මගට'' නමින් සකස් කල ප්‍රතිපත්ති ප්‍රකාශණය කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන්ට පිළිගැන්වීමේ අවස්ථාවට  පැමිණි අවස්ථාවේදීය.

එම අවස්ථාවට පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් සහභාගී වුහ.