(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහපොළ ප්‍රතිලාභ මුදල වැඩි කරන්නට අවධානය යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දහසය දාහක් පමණ මහපොළ ශිෂ්‍යත්වය මගින් ප්‍රතිලාභ ලබන බව කී අමාත්‍යවරයා දැනට වසරකට බිලියන 1.6 ක් මහපොළ සදහා වෙන් කරන බව ඒ මුදල තවත් වැඩි කරන්නට අප කටයුතු කරන බවද කීය.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය ට සහභාගී වෙමින් අමාත්‍යවරයා කීවේ පාරිභෝගික සේවා පනත ඉක්මනින් වෙනස් කිරීමට කටයුතු කරන බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආර්ථික දුෂ්කරතා පවතින අවධියේ ළමයින් වෙනුවෙන් මෙසේ සිදු කිරීමට පියවර ගැනීම වැදගත් වැඩක්, නමුත් මේ මුදල් ලබන ළමුන් ඇත්තටම කීදෙනෙක් විශ්වවිද්‍යාලයේ තම උපාධිපාඨමාලා මැනවින් හදාරනවාද යන්නත් සොයා බැලිය යුතුයි. විදෙස් විශ්වවිද්‍යාලයක උසස් අධයාපනයට ශිෂ්‍යත්වයක් ලැබූ මා හට එම ශිෂ්‍යත්ව මුදල මාස්පතා ලැබෙන්න නම්, ප්‍රගති සහතිකයක් අදාල පර්යේෂණ ආචාර්යවරයා විසින් විශ්වවිද්‍යාලයට යොමු කළ යුතුයි... ඒ අනුව අඩුම මේ ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කිරීමේදී ශිෂ්‍යයාගේ ප්‍රගතියත් පරීක්ෂා කරමින් මුදල් දීම සිදුවන්නේ නම් වඩා වැදගත් වේ. මුදල්දීම පමණක් ප්‍රශ්නයකට පිළිතුරක් නොවේ.