
(ෂේන් සෙනෙවිරත්න)
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කියයි.
මහනුවර නගරය මේ වන විට සම්පූර්ණයෙන් සුද්ද පවිත්‍ර කොට හමාර බවත් නගරයට බැහැර කොට තිබූ සියලු අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසිදු කර තිබෙන බව පවසන වෛද්‍යවරයා මහනුවර නගරයේ පානීය ජලය පිළිබඳවද කිසිදු ආකාරයක අවදානම් තත්ත්වයක් නොමැති බවද කියයි.
මහනුවර නගරයට පානීය ජලය සපයනු ලබන්නේ දුනුමඩලාව රක්ෂිත වැවෙන් බවත් එම වැව කිසිදු ආකාරයකින් අපවිත්‍රවී නොමැති බව පවසන වෛද්‍යවරයා ගැටඹේ ජල පවිත්‍රාගාරය මගින් මහවැලි ගඟෙන් ලබා ගන්නා ජලයද ක්‍රමවත්ව පිරිසිදු කොට බෙදා හරින බවද කියයි.
විවිධ පුද්ගලයන් වගකීමෙන් තොරව සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බවද වෛද්‍යවරයා අවධාරණය කර සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිඇල්ලගේ ගෙදරට බොන්න වතුර ගන්නෙ කොහෙන්ද දන්නෑ?
දවසේ කුලියක් හොයා ගන්න මාධ්‍යකාරයෝ සහ යුටියුබ් කාරයෝ මෙවැනි පච කියවන එක වහාම නතර කරන්න පියවර ගත යුතුයි...
මහනුවර ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වගකීමෙන් තොරව මෙහෙම ප්‍රකාශයක් කළා කියා අපට කල්පනා කල නොහැක. දිවා රාත්‍රි තිස්සේ, නගරය පවිත්‍ර කිරිමේ කටයුතු එහි සෙවකයින් විසින් සිදුකල බව වාර්තා වුනා. ඒ අතරේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව, ඉතුරුව තිබුන කුණු කන්දල්ද සොදා හැර, මහනුවර නගරය මුළුමනින්ම පිරිසිදු කර තිබෙනවා... කෙසේ වූවද තව දින, සති කිහිපයකින් මෙවායෙ ප්‍රතිඵල දැක බලාගත හැකිවනු ඇත.
අර බේබදු සාදු රට කළබල කරන්න කියන කතා ඕවා, දැන් ඕවට ඇහුම්කන් දෙන්න කවුරුවත් නැහැ.
අවධානයෙන් හොඳින් තේරුම් ගන්න පුළුවන්, හොඳ වැස්සකට පසු, පොල්ගොල්ල ඩෑම් එක ලගට ගියානම්
හතර වටේ දුවන්න එපා. නුවරට ගිහිල්ලා බලන්න. වැරදි හොයන්න හැමෝම උනන්දුයි, කරපු දේ අගයන්න පුරුදුවෙන්න.
අනුර ඩෑම් එක ළඟට ගිහින් එතකොට බිමට පනින්න.