
( ජේ.කේ.එල්. චාමින්ද)
මහනුවර ජාතික රෝහලේ දි සි.ටි ස්කෑන් පරික්ෂණ කරගැනිම සදහා වසර දෙකකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනවල රැදි සිටිමට රෝගින්ට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මහනුවර ජාතික රෝහලේ විකිරණ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු විසින් ලබාදුන් තොරතුරු අනුව 2024 වර්ෂයේ මාර්තු මස 06 දින වනවිට සි.ටි පරික්ෂණ පොරොත්තු ලේඛනය තුල රැදි සිටින රෝගින් සංඛ්‍යාව 1738කි. එම රෝගින්ගේ පොරොත්තු කාලය 2026 වර්ෂයේ මාර්තු 12 දින දක්වා පැවතුණි.
රෝහල සතුව පවතින මානව හා භෞතික සම්පත්වල හිගකම හේතුවෙන් මෙම තත්ත්වය උදාවි ඇති බැව් සෞඛ්‍ය අමාත්‍යංශයේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත.
අමතර රාජකාරි සදහා නිදර්ශක දිමනා අනුමත කිරිම,යටිතල පහසුකම් සංවර්ධනය, දත්ත ගබඩා කිරිමේ පහසුකම් ආදිය මගින් මෙම තත්ත්වය අවමකරගැනිමට කටයුතු කරමින් පවතින බවට ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කොට ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරංස්ථි ග්‍රන්ථි සැත්කමට ගම්පහ රෝහලේ වසර දෙකක පෝලිමක් තියෙනව.පෞද්ගලික රෝහල්වල ලක්ෂ පහකට කිට්ටුව වියදම කියල කියනව.බරපතල සැත්කම්වල පෝලිම හිතාගන්න පුලුවන් නේද? වෛද්‍ය හෙද වෘත්තීන්ට සාධාරණ වැටුප් ගෙවල රෝහල්ව පද්ධතිය දියුණුවට පියවර ගන්න ඕන නේද? ඒ වගේම රජය සතු අර්ධ රාජ්‍ය රෝහල් පද්ධතියක් සාධාරණ මිලකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැකි ලෙස රටපුරාම පටන්ගන්න. ජයවර්ධනපුර රෝහලට සමාන ලෙස.රාජ්‍ය රෝහල් තදබදයට විසඳුමක්......