(යොහාන් භාසුර)
ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඊයේ (4) සම්පූර්ණයෙන් වසා දැමූ මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගයේ එක තීරුවක් ගමනාගමනය සඳහා යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා මාර්ගයේ එම කොටස සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවත් අදාළ ප්‍රදේශය පරීක්ෂා කර කඩා වැටී ඇති පස් සහ ගල් ඉවත් කර මාර්ගයේ එක තීරුවක් විවෘත කළ බවත් එම අධිකාරිය කියයි.
මාර්ගයේ අවහිරව ඇති අනෙකුත් කොටස ද කඩිනමින් පිළිසකර කර සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද එම අධිකාරිය වැඩි දුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහනුවර - මහියංගනය මාර්ගයේ එක තීරුවක් විවෘත කරයි