
(අංජුල මහික වීරරත්න)
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
දළදා දැක්ම නිමාවී පැය 24ක් ඇතුළදී මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහන කීල්න් ශ්‍රී ලංකා,මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ගණනාවක සහභාගීත්වයෙන් අද පස්වරු 4ට ආරම්භ වීමට නියමිතව ඇත.
මහනුවර නගරය පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
දළදා දැක්ම නිමාවූ පසු අද මහනුවර රැදී සිටින සියලුම සැදැහැවතුන් සඳහා රාත්‍රී හා පසුදින උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට තිබේ.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
Cisco Sunday, 27 April 2025 11:16 AM
විශිෂ්ඨයි...
Laki Sunday, 27 April 2025 11:27 AM
අගනා වැඩක් සතුටුයි. ඒ විතරක් නෙවෙයි මෙම වැඩ සටහන තුළ රාජකාරියේ යෙදුණු සුව සේවා කටයුතු වලට උදව්කළ අයටද සේවයේ යෙදුණු ආරක්ෂක අංශ වල අය සිටී නම් ඔවුන්ටද අවස්ථාවක් ලබාදෙන්න.
Perera Sunday, 27 April 2025 12:34 PM
ඉතාමත් අගය කළ යුතු තීරණයක්...