
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර මහ නගර සභාවේ මංගල මහා සභා රැස්වීම ආරම්භ වී පැය හතරකට පසුව , නගර සභාවේ ස්ථාවර කාරක සභා අටට පත්කල යුතු නියෝජිතයන් 48 දෙනා අතරට සභිකයන් පත් කිරීමේදී අසාධාරණයක් වූ බව පවසමින් නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 21 දෙනෙක් සභාව වර්ජනය කරමින් සභා ශාලාවෙන් පිටතට ගියහ.
මෙහිදී නගර සභාවේ විපක්ෂ නායක ලලන්ත සංජීව පීරීස් (සමගි ජන බලවේගය) මහතා පැවසූවේ ආණ්ඩු පක්ෂය කතාකරගත් පරිදි එකඟතාවය කඩ කිරීම නිසා තම කණ්ඩායම විරෝධය පළකර සභාවෙන් පිටව ආ බවයි.
එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ,සර්ව ජනබලය ,ස්වාධීන මන්ත්‍රවරයා සහ සමගි ජන බලවේගය යන පක්ෂ නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් මෙලෙස සභාව වර්ජනය කර සභා ශාලාවෙන් පිටව පැමිණි බව විපක්ෂ නායක ලලන්ත සංජීව පීරීස් (සජබ) මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ එවුන්ගෙන් රට හදන්න බැහැ . ආණ්ඩු පක්ෂය ඇතුළුව මේවගේ එවුන් එක්ක කොහෙද ඉතින් රටක් ගොඩ නගන්න පුළුවන්? අසමගිය... අසමගිය... අසමගිය. එකඟතාවයකට එන්න බැරිකම සහ උද්දච්ච කම . පත්වෙච්ච මුළු සමාජිකයින්ව එළවලා දාලා, අලුත් පුද්ගලයන් ඉදිරිපත් කරලා, ආයෙත් මැතිවරණයක් කැඳවන්නයි තියෙන්නෙ.
මෙන්න මෙච්චරයි මුන් දන්නේ. ගමට වැඩක් කරන්න නෙමෙයි, මුන්ට ඕන බඩට වැඩක් කරගන්න. අපි ඕවා පහුගිය අවුරුදු ගණක් තිස්සේ දැක්කානේ.
හිටියටත් නුවරට කිසි සෙතක් නෑනේ, හිටියත් හොරකම් විතරයි. විපක්ෂය නැති වෙන තරමට නුවර නුවරක් කරන්න ලෙසියි.