
( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ ඇතිවූ බෝම්බ බිය නිසා අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබේ .
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අද (02) පෙරවරු 10.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක් ලැබී තිබුණ අතර ඒ හේතුවෙන් පොලිසිය වහාම ක්‍රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව අධිකරණ සංකීර්ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කොට සෝදිසි මෙහෙයුමක් දියත් කලද එහි කිසිදු බෝම්බයක් ඇති බවට තොරතුරු හෙළිව නොතිබුණි .
ඉහළ පොලිස් ප්‍රකාශකයකු පවසා සිටියේ එම ව්‍යාජ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි .
මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර අධිකරණයේ සියලු නඩු 16 වැනිදාට කල් තබයි