(රංජිත් රාජපක්ෂ)
2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තරග පවාදීම ගැන හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් අද (24) පැය තුනකට ආසන්න කාලයක් හිටපු ක්‍රිඩා අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.
කොළඹ සිට නාවලපිටිය දක්වා පැමිණි පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරින් සිව්දෙනෙකු විසින් නාවලපිටිය නගරයේ පිහිටි මහින්දානන්ද පදනම් කාර්යයාලයේදී අද උදැසන 6.30 සිට උදැසන 9 පමණ දක්වා මෙලෙස ප්‍රකාශ සටහන් කර ගනු ලැබිණි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත ප්‍රකාශය ලබා දීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මාධ්‍යය හමුවක්ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් කැමතියි මොනවද කිව්වේ කියලා දැනගන්න. බලන්නකො ඔකට පස්සේ කියයි මට කිව්වා විශ්වාස වන්ත කෙනෙක් කියලා. ඊට පස්සේ ඕක අල උනහම කියයි කවුරු මොනව කිව්වත් මම පිළිගන්නෙ නෑ. ක්‍රීඩා ලොලියො දන්නව එදා මොකද උනේ කියලා. ආආආආ දැන් දීපල්ලා කො උත්තර
මේ වගේ කතා කියන මිනිස්සුන්ට ඡන්දෙදී සලකන්න ඕනේ මදි නොකියන්න...